කම්බ හොරුන්ට මුල්‍ය මර්මස්ථාන පවරයි. නාලක ගොඩහේවා රක්ෂණේ සභාපතිධුරයට Featured

Published in පුවත්
Thursday, 22 November 2018 12:40

ශ්‍රීී ලංකා රක්ෂණ සංස්ථාවේ සභාපති ධුරය නාලක ගොඩහෝවාට ලබා දී තිබෙනවා. පසුගිය කාලයේ නාලක ගොඩහේවාට විවිධ අකටයුතුකම් සම්බන්ධයෙන් චෝදනා රැසක් එල්ල වී තිබුණා.

ඔහු මීට පෙර ශ්‍රී ලංකා විනිමය සුරැකුම්පත් කොමිසමේ හිටපු සභාපතිවරයා ලෙස කටයුතු කළ අතර එම පත් කිරීම සම්බන්ධයෙන් දැඩි විවේචන එල්ල වී තිබුණේ කොටස් වෙළෙඳපොලේ මිල ගණන් සම්බන්ධයෙන් ඉහළ ලාභ ලැබූ සමාගම් සමඟ ඔහු පවත්වාගෙන ගිය සමීප සම්බන්ධතා හේතුවෙනුයි. ඔහු කොටස් වෙළඳ පොළ ජාවාරම් සම්බන්ධයෙන් සෘජුවම සම්බන්ධ බවට ව්‍යාපාරිකයන්ගෙන් චෝද්නා එල්ල වී තිබුණා

2015 වසරේ රාජපක්ෂගේ පරාජයෙන් පසු නාලක ගොඩහේවා ශ්‍රී ලංකා විනිමය සුරැකුම්පත් කොමිෂන් සභාවේ අරමුදල් අවභාවිත කළ බවට හෙළි වුණා. එහිදි එම කොමිසම සතු තරුණ ප්‍රජාව අතර කොටස් හිමිකම සම්බන්ධයෙන් ප්‍රවර්ධනය කිරීම සඳහා අනුමත කළ මුදල් රාජපක්ෂ පුත් නාමල් රාජපක්ෂ ගේ තාරුණ්‍යයට හෙටක් සංවිධානය ප්‍රවර්ධනය කිරීම සඳහා ඔහු යොදවා තිබුණා. මේ සිදුවීම හේතුවෙන් අධිකරණයේ විභාග වූ නඩුවකින් අනතුරුව බන්ධනාගාරගත කර සිටි නාලක ගොඩහේවා මේ වන විට ඇප මත නිදහස් වී සිටිනවා.

පසුගිය රාජපක්ෂ පාලන සමයේ දී විශාල මුදල් සම්භාරයක් ඉල්ලා සිටි කුප්‍රකට ක්‍රිෂ් ගනුදෙනුවට ද නාලක ගොඩහේවා සම්බන්ධ බවට චෝදනා එල්ල වී තිබුණා. ගොඩහේවා මීට පෙර දෙවතාවක් ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ සභාපති ධුරය දරා තිබුණා. එම කාල සීමාවේදී ඔහු ප්‍රසිද්ධ ව්‍යාපාරික හැරි ජයවර්ධන මහතාට අයත් ඩිස්ටිලරීස් සමූහ ව්‍යාපාරයේ ගිවිසුම අලුත් නොකිරීම සම්බන්ධයෙන් චෝදනාවට ලක් වී තිබුණා.

එසේම රාජපක්ෂගේ රජය යටතේ රක්ෂණ සංස්ථාවේ කළමනාකාර අධ්‍යක්ෂවරයා ලෙස ඔහු කටයුතු කළද ශ්‍රේෂ්ඨාධීකරණ නියෝගයක් මගින් පුද්ගලිකරණය කර තිබූ ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව මහාභාණ්ඩාගාය යටතට පත් කිරීමට මාස කිහිපයකට පෙර ඉන් ඉවත් වුණා.

මේ අයුරින් විවිධ මූල්‍ය අක්‍රමිකතා සහ මුදල් අවභාවිත කිරීම් සම්බන්ධයෙන් කුණු වූ ඉතිහාසයක් ඇති ගොඩහේවාගේ මෙම පත් කිරීම ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සභාපති ධුරයට කපිල චන්ද්‍රෙස්න පත් කිරීමට සමානකමක් දක්වන බව පෙනි යනවා. කෙසේ වෙතත් මහජන විරෝධය හමුවේ කපිල චන්ද්‍රෙස්නගේ පත් කිරීම අවලංගු කෙරුණා.

රාජපක්ෂගේ නීති විරෝධි බල ලෝභී ක්‍රියාකලාපය හමුවේ මෙවැනි චෝදනාවන්ට වරදකරුවන් වූ සහ නිදැල්ලේ සිටින වංචනිකයන් මුල් පුටුවලට පත් කිරීමෙන් අගතියට පත් පාර්ශ්වයන්ට යුක්තිය ඉටු කිරීමට නොහැකි තත්වයක් උදා වී තිබෙනවා.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us