සිරා මරා දිගෙ තව වැඩිකල් නොතියෙන හැඩ. පෑහෙන් නැතිලු ඒකත්

Published in පුවත්
Thursday, 22 November 2018 15:50

සිරා මරා දීගයට කණ කොකා හැඬීම දැන් වෙන්න පටන් ගෙන තිබේ. රාජපක්ෂවරු කොල්ල කා ගත් බලය යොදාගෙන මේ වන විට රාජ්‍ය ආයතන සඳහා ප්‍රධානින් ගනනාවක් පත් කිරීමට කටයුතු යොදමින් තිබේ. එහෙත් මේ සියලු පත් වීම් ජනාධිපතිවරා ඒ සැනින් වෙනස් කරගෙන යනු ලැබෙනු දකින්නට ලැබේ.

ආසන්තම උදාහරණය නාලක ගොඩහේවා නම් හොර දෙ‍ටුවාට රක්ෂණ සංස්ථාව බාර දිමය. පත්කර පැය කිහිපයකින් එය වෙනස් කිරීමට කටයුතු කර තිබේ. එමෙන්ම ජනාධිපති ලේකම් වරයා විසින් නිකුත් කළ නවතම චක්‍ර ලේඛයේ දැක්වෙන්නේ රාජ්‍ය ආයතන ප්‍රධානී තනතුරු වලට ඒ ඒ අමත්‍යංශ ප්‍රධානින් පත් කළ යුතු බවය. සිරිසේන ජනමාධ්‍ය අමාත්‍යංශය ඇතුලු තවත් අමාත්‍යංශ ගනනාවක විෂයපත තමන් වෙත පවරාගෙන කටයුතු කිරීමද සිදු කරමින් තිබේ. රාජපක්ෂලාට ඕනෑ ඕනෑ හැටියට නැටීමේ ඉඩ කඩ අහුරා තිබේ. සිරිසේනගේ මේ වෙනස් වීම රාජපක්ෂලා තව වැඩි දවසක් ඉවසනු නැති වුවත් මෙය ඉක්මනින් පුපුරා යන දීගයක් බව පැහැදිලිය.

මහින්ද රාජපක්ෂ්ව රටේ නීතියට එපිටින් ගොස් අගමැති කිරීමේ සිට සිරිසේන ජනාධිපතිවරයා ගහපු ගේම් සියල්ලම මේ වන විට වතුරේ ගොස් ඇත. අගමැති රනිල්ට එරෙහිව කළ හැකි හැම තක්කඩි වැඩක්ම සිදු කළේ එජාපයේ පිරිසකගේ සහය ඇතිව රනිල්ව එළවිය හැකි බව සිතාගෙනය. එහෙත් වැඩේ වැරදුනේය. බිලියන් ගනනි මුදල් වියදම් කරන්නට ලැහැස්ති උනත් ඒ වැඩේ හරි ගියේද නැත. ඒ තබා තමන් සමඟ සිටි ශ්‍රීලනීප පිරිසේ සහයොගයද දැන් සිරිසේට නැත. ශ්‍රිලනීපය පාලනය කිරීම මේවන විට චන්ද්‍රිකා ගේ බලපෑමට හසුව තිබේ. සිරිසේන ශ්‍රිලනීපයෙන් එළවන සුළු කටයුත්ත දැන් ඇය සුරතේය. සිරිසේන දැන් සිටින්නේ කර කියා ගත නොහැකි තැනකය.

මහින්දට කරන්න පුලුවන් ඉටි ගෙඩියක් නැති බව මේ කුමන්ත්‍රණයෙන් හෙළිදරව් වූ අනෙක් වැදගත්ම කතන්දරයයි. ළඟදීම මහින්ද දේශපාලන ජීවිතයට දැවැන්ත කළු පැල්ලමක් එක් කරගෙන දේශපාලනයෙන් කුජීතව පරාජිතව සමුගනු ඇත.

දැන් සිරිසේන අසරණය.. පෙරළුන පැත්ත හොඳයි කියනවා හැර ඔහුට ගොඩ යන්න වෙන විකල්ප නැත. අපි දැන් එකතු වෙලා මහින්දට ගහමු යැයි එජාපයේ ජේෂ්ඨයන්ට දැන් පණිවිඩ එවන්නටද පටන් ගෙන තිබේ. .අද හෙට සිරිසේන තව කිහිප වතාවක්වත් රට සර්ප්‍රස්යිස් කරණ තීන්දු තීරණ ගනු ඇතැයි බලාපොරොත්තුවෙන් සිටිමෙන් පාඩුවක් වන්නෙ නැත.සිරිසේන එය කරනු ඇත.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us