පොලිස්පතිට සිරිසේනගෙන් උත්තර.. නිශාන්තව මාරු කරන කිව්වෙ එයා නෙවෙයි ලු

Published in පුවත්
Thursday, 22 November 2018 17:51

රාජපක්ෂලාගේ මීනීමරු අපරාධ ගැන පරීක්ෂණ පවත්වමින් සිටි රහස් පොලීසියේ පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වාව එම රාජකාරී වලින් හා රහස් පොලීසියෙන් ඉවත් කිරීමට තමාට දැනුම් දුන්නේ ජනාධිපතිවරයා බවට පොලිස්පති පූජිත් ජයසුන්දර විසින් ආරක්ෂක ලේකම් වරයාට කළ ලිඛිත දැනුම් දීම සම්බන්ධයෙන් අද සිරිසේනගේ ගිරා පෝතකයන් පිලිතුරු ලබා දීම සිදු කර තිබෙනවා

ඒ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ මාධ්‍ය හමුවකදී ය.

දයාසිරි ජයසේකර - අපි.පී නිශාන්ත මාරුකරන්න ජනාධිපති කිව්වේ නෑ

මාධ්‍යවේදියෙක් - ජනාධිපතිගේ නියෝගය පරිදි ඔහු මාරු කළ බව පොලිස්පති ආරක්ෂක ලේඛම්ට ලිඛිතව දැනුම් දීලා තියෙනවා.

දයාරිසි - පොලිස්පති ගැන ප්‍රශ්න ගොඩක් තියෙනවා.

මහින්ද සමරසිංහ - සාමාන්‍ය ක්‍රමවේදයට පොලිස් කොමිසමට තමයි පුලුවන් ඔහු මාරු කරන්න. එය මගහැර ඔහු මාරු කරන්න පොලිස්පතිට බෑ.

මාධ්‍යවේදියෙක් - සහකාර පොලිස් අධිකාරීවරුන්ගෙන් පහල නිලධාරීන් මාරු කිරීමේ බලය පොලිස් කොමිසමෙන් පොලිස්පතිට ලබා දී තිබෙනවා. පොලිස්පති ආරක්ෂක ලේඛම්ට ලිඛිතව දැනුම් දී තිබෙනවා ඔහු මාරු කළේ ජනාධිපතිගේ නියෝග මත බව.

මහින්ද සමරසිංහ - ජනාධිපති කිසිම උපදෙසක් දීලා නෑ ඔහු මාරු කරන්න.

කෙසේ නමුත් පොලිස්පති වරයාට නිශාන්තව මාරු කරන තරම් පිස්සුවක් නැති බව පැහැදිලිය. එහෙම පිස්සුවක් කෙලියානම් එක කළේ මම යැයි කියන්න පොලිස්පතිවරයාට කොන්දක් තිබේ. ඔහු කිව යුත්ත කෙළින් කියන්නෙකි. නිශාන්ත යනු පසුගිය රාජපක්ෂ පාලන සමයේ සිටම රහස් පොලිසියේ කටයුතු කළ නිලධාරියෙකි. එහෙත් ඔහුව මෙවර මාරු කළේ වෙනත් පිස්සෙකුගේ නියොගයක් අනුව බව නම් පැහැදිලිය. මේ වෙලාවේ එහෙම පිස්සු නියෝගයක් දීමට මෙරටේ බලයක් ඇති පිස්සන් සිටින්නෙ එකෙකු පමණය.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us