121 නෙවෙයි 225 තිබුණත් රනිල්ට අගමැතිකම දෙන්න බෑ. - සිරා

Published in පුවත්
Friday, 23 November 2018 15:35

සිරිසේන ජනාධිපතිවරයා පත් කළ හොර අගමැති මහින්ද රාජපක්ෂට අද දිනද පාර්ලිමේන්තුවේ උපරිම විශ්වාසය දි ගත නොහැකි බව ඉලෙක්ට්‍රොනික මාධ්‍යය පාවිච්චි කිරීමෙන් අනතුරුවද තහවුරු කෙරිණි.

මෙහිදී මහින්දට එරෙහිව ඡන්ද 121 ලැබුණු අතර පක්ෂව ඡන්ද පාවිච්චි කෙරුණේ නැත. දේශපාලන ආරංචි මාර්ග පවසන්නේ අද දින මහින්දට එරෙහිව පාවිච්චි නොවුනු තවත් ඡන්ද 15 ත් 18 ත් අතර ප්‍රමාණයක් ඇති බවය. ඒ ශ්‍රිලනිපය දැනට නියෝජනය කරන පිරිසකගෙනි.

කෙසේ නමුත් මේ තත්වයන් හමුවේ සිරිසේන ජනාධිපතිවරයා හමුවී එම කණ්ඩායමේ නියොජිතයන් පිරිසකට පවසා ඇත්තේ රනිල් නැතුව ඕනෑම කෙනෙක් අගමැති කිරීමට තමන් කැමැති බවය. ශ්‍රීලනිප පාර්ශ්වය සිරිසේන විසින් හිතුවක්කාරීව කරගෙන යන මේ නින්දිත පාලනය නිසා රට බරපතල අර්බුධයකට ගොදුරුව ඇති බව දිගින් දිගටම පෙන්වා දුන්නද ඔහු එය පිළිගැනිමට කටයුතු කර නොමැත.

ඒ කෙසේ වූවත් තමන්ගේ පෞද්ගලික කැමැත්ත රටක් පාලනය කිරීමේදි යොදා ගැනිමේ කෙතරම් සදාචාර පමණද යන විමසිය යුතුය. රටක පාලනය සම්බන්ධයෙන් ප්‍රශ්න විසැඳිය යුත්තේ දේශපාලනිකව රටට වන ජයග්‍රණයන් පදනම් කරගෙන වූවත් සිරිසේන කටයුතු කරන්නේ තමන්ගේ ස්වයං වින්දන වෙනුවෙනි. මෙවැනි මජර පාලකයන් මේ රටට අවශ්‍ය නැත. පසුගිය රාජපක්ෂ පාලන සමයේ දී එම පවුලේ බඩගෝස්තරය වෙනුවෙන් තීන්දු තීරණ ගැනීම රටේ විනාශයට හේතු විය. අද සිරිසේන තමන්ගේ ස්වයං වින්දනය වෙනුවෙන් තීන්දු තීරණ ගනිමින් තිබේ. මේ ගැටලුව බරපතලය. රාජපක්ෂ සමයේදි යුද්ධකින් විනාශ වෙච්ච වසර 30 ක් තිස්සෙ ආපස්සට ගිය සංවර්ධනය, ජන ජීවිතය ආපසු ගොඩ නැගීමේ අර්බුධයන් හමුවේ රාජපක්ෂලාගේ වංචා දුෂණ අක්‍රමිකතා මධ්‍යයේ වූවද රට මෙතරම් අර්බුධයකට ගියේ නැත.

අද සිරිසේන යටත් සිදුවෙමින් තිබෙනේ රාජපක්ෂලා විනාශ කළ රට යළි නිවැරදි මාවතට ගෙන සංවර්ධනය වෙමින් තිබියදීය. අගමැති රනිල් වික්‍රමසිංහව ඉවත් කිරීම සඳහා කිසිදු දේශපාලනික හෝ ආර්ථිකමය අර්බුධයක් තිබුණේ නැත. සිරිසේන කියන විදිහට ගැටලුව තිබී ඇත්තේ රනිල්ගේ ලිංගික ලලාසාව පිලිබඳ ගැටලුවකි. එහෙත් එය රටේ සංවර්ධනයට හෝ රටේ මහජනතාවට බලපවත් වන කිසිදු හේතුවක් තිබුණේ නැත. මෙය සිරිසේනගේ පෞද්ගලික ගැටලුවකි. එහෙත් එය ඔහුව විපක්ෂයෙ පොදු අපෙක්ෂකයා ලෙස සිරිසේනව ජයග්‍රහණය දක්වා ගෙන යෑමේ අසීරු අභියොගය ජය ගන්නා විට සිරිසේනට එහෙම අවුලක් තිබ්බෙ නැත. එදා සිරිසේන රනිල්ගෙන් ඉල්ලා සිටියේ හැමදාමත් ඔබට සර් කියා කළ ආමන්ත්‍රණය හැමදාමත් කිරන්න ඉඩ දෙන්න කියාය. එදා මේ සමනලයා සිරිසේනගේ ගැලවුම්කරුවාද ස්වාමියාද විය.

සිරිසේනට මෑතක සිට මේ රනිල්ව එපා වුණේ කවර හේතුවක් නිසාද යන ගැන දන්නෙ ඔහුම පමණි. ඔහුට පෞද්ගලිකව වූ අතරවරයක් මිස වෙන යම් ප්‍රශ්නයක් ගැන දැන් ගන්නටද නැත.

කොහොම නමුත් සිරිසේන විසින් තමන්ගේ හිතුවක්කාර තීරණය නිසා රටට සිදුවන හානිය නම් බර්පතාලය. මේ විනාශ්යට මුලුමනින්ම වගකිව යිතු චූදිතයා සිරිසේනය. ඔහුට කිසි දිනෙක මේ චෝදනාවෙන් ගැලවිය නොහැක. මෙතෙක් රටෙ පහල වූ නින්දිතම ජනතා ද්‍රෝහියා සිරිසේනය. එය කිසිම ආකාරයකින් වෙනස් වන්නෙ නැත.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us