දැන්වත් පිස්සුව නවත්තන්න..! දුමින්ද කණ්ඩායම සිරිසේනව බිත්තියට හේත්තු කරයි.

Published in පුවත්
Friday, 23 November 2018 18:14

ඊයේ (22) ශ්‍රීලනිපයේ දුමින්ද දිසානායක, මහින්ද අමරවීර, මහින්ද සමරසිංහ ,ලසන්ත අලගියවන්න ඇතුලු කණ්ඩායමක් සමඟ පැවැත් වූ සාකච්ඡාවකදී ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සම්බන්ධයෙන් නිකුත් කළ ගැසට් නිවේදනය අහෝසි කිරීමට එකඟ වූ බව ශ්‍රීලනීප ආරංචි මාර්ග පවසයි.

අද සිකුරාදා සවස 7 ට පැවැත්වෙන ශ්‍රී ලනීප කණ්ඩායම් රැස්වීමේදී ජනාධිපතිවරයා යම් තීරණයක් ප්‍රකාශ කරනු ඇතැයි ද පැවැසේ.

ජනාධිපතිවරයා පසුගිය 09 වනදා පාර්ලිමේන්තුව විසුරුවා හැරීම ප්‍රකාශ කරමින් නිකුත් කළ ගැසට් නිවේදනය නීති විරෝධී බව ප්‍රකාශ කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණට පෙත්සම් 12ක් බාර දී ඇති අතර එය විභාග කිරීමට තීරණය කර තිබෙන අතර එම තීන්දුව දෙසැම්බර් 07 වන දින ප්‍රකාශයට පත් කිරීමට නියමිතය. එතෙක් එම ගැසට් නිවේදනය ක්‍රියාත්මක කිරීම අත් හි‍ටුවා තිබේ.

ජනාධිපතිවරයා සහ දුමින්ද කණ්ඩායම හා ශ්‍රිලනීප ජේෂ්ඨයන් සමඟ පැවැති සාකච්ඡාවේ දී මහින්ද පාර්ශ්වයට පාර්ලිමේන්තුවේ බහුතරය නැති බව ජනාධිපතිවරයා පිලිගැනීමට සිදුව තිබේ.

මේ නිසා පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ තීන්දුවක් නොගන්නා බවට ජනාධිපතිවරයා එම කණ්ඩාමයට සහතික කර තිබෙන අතර ඊයේ සවස මාධ්‍ය සාකච්ඡාවකදී එස් බී දිසානායක ජනාධිපතිවරයාගේ මෙම තීන්දුව සම්බන්ධයෙන් අදහස් පළකිරිිමක් සිදුකර තිබිණි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දුර්වල කිරීම සඳහා මහින්ද පාර්ශ්වය වේගයෙන් කටයුතු කරමින් සිටින බව ශ්‍රීලනිප ජේෂ්ඨයන් ගනනාවක් මෙහිදී ජනාධිපතිවරයාට අවධාරණය කර තිබෙ.

මෙහිදී රට බරපතල ආර්ථික අර්බුධයකට ලක්ව තිබෙන බවත් ශ්‍රීලනීපය විනාශ වෙමින් පවතින බවත් මෙම කණ්ඩායම පෙන්වා දී ඇති අතර ශ්‍රීලනීප වෘත්තීය සමිති සාමාජිකයන් සහ ප්‍රාදේශීය සාමාජිකයන් විශාල වශයෙන් පොහොට්‍ටු කණ්ඩායමට බඳවා ගැනීම ගැන මෙහිදි පෙන්වා දි ඇත. මෙම තත්වයන් ජනාධිපතිවරයාට පිලිගැනීමට සිදුව තිබේ.

ආණ්ඩුවක් පිහි‍ටුවීම සඳහා අවශ්‍ය බහුතරය නිර්මාණය කර ගැනිමට නොහැකි වීම ගැන මේ වන විට ජනාධිපතිවරය බරපතල කනස්සල්ලකින් පසුවන බවත් ශ්‍රීලනීප ආරංචි මාර්ග පවසයි.

අද දිනද ඉලෙක්ට්‍රොනික මාධ්‍ය මඟින් සිදු කළ ඡන්ද විමසීමේදී මහින්ද රාජපක්ෂට එරෙහිව ඡන්ද 121 ලැබී තිබුණු අතර මීට පෙර විශ්වාෂභංග යොජනා ජන්ද විමසීමේ දි මහින්ද පාර්ශ්වය දෙවතාවක් පරාජය විය. මන්ත්‍රීවරු 122 දෙනෙකු මහින්ද රාජපක්ෂ අගමැතිවරයා ලෙස නොපිළිගන්නා බවට ලිඛිතව කතානායකවරයාට දැනුම් දීම ද සිදුකර තිබුණත් සිරිසේන මෙය පිළිගත්තේ නැත.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us