බැදුම්කර වාර්තාවේ හංගපු නම්, හැකිනම් එළියට දමනු.! සිරාට මරාට අභියෝගයක් Featured

Published in පුවත්
Saturday, 24 November 2018 13:46

ශ්‍රී ලංකා බහ බැංකුවේ බැඳුම්කර මිළදි ගැනීමේදී පර්පෙච්චුවල් ට්‍රෙෂරීස් සමාගම සිදු කළැයි කියන වංචාව සම්බන්ධයෙන් විමර්ශනය කළ ජනාධිපති කොමිසමේ සම්පූර්ණ වාර්ථාව හෙලි කරන බවට සිරිසේන සහ මහින්ද පාර්ශ්වය දැන් දින කිහිපයක සිට බලවත් ප්‍රචාරයක් ගෙන යයි.

මෙම වාර්තාවේ සම්පුර්ණ කොටස් ජනාධිපතිවරයා සතුව ඇති බවත් පැවැසේ. මෙම වාර්තාව තුල පර්පෙච්චුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් සමඟ ගනු දෙනු කළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සියයකට වඩා පිරිසකගේ නම් ඇතැයිද මේ ප්‍රචාර අනුව කියැවෙයි. සිරිසේන ජනාධිපතිවරයා එජාපය සමඟ ආණ්ඩු කරද්දි මෙම මන්ත්‍රී නම් ලැයිස්තුව ප්‍රසිද්ධ නොකර සඟවාගෙන සිටි බවට එදා මහින්ද පාර්ශ්වය චෝදනා කළේය.

මේ අනුව දැන් සිරිසේනටත් මහින්දටත් මේ වාර්තාවේන් සැඟවූවා යැයි කියන නම් ගම් ඒ අදාල සාක්ෂි සමඟ එළියට දැමිය හැකිය. නමුත් එය ව්‍යාජ වාර්තාවක් නොවී සත්‍ය වාර්ථාවක් යනුවෙන් වන සහතිකය සමඟ විය යුතුය. මන්ද මේ වන විටත් මෙම බැඳුම්කර වාර්තාවේ පිටපතක් යනුවෙන් වන ව්‍යාජ ලියවිල්ලක් ජනාධිපති මධ්‍ය අංශයට අයත් පිරිසක් හා විමල් වීරංශගේ ගොල බාලයන් පිරිසක් විසින් සකස් කරමින් සිටින බවට විශ්වාසනීය තොරතුරු ලැබී ඇති බැවිනි.

පසුගියදා කතානායකවරයා, අගවිනුසුරුවරයාට යැව්වාය කියන ලිපියක්ද මේ පිරිස නිර්මාණය කර ප්‍රසිද්ධ කර තිබිණි. එසේම ජවිපෙ මාධ්‍ය නිවේදනයක්ද විකෘති කර ප්‍රසිද්ධ කිරීමට මේ පිරිස කටයුතු කර තිබිණි. එසේම සමාජ ජාලා හරහා නිරන්තරයෙන් ව්‍යාජ පුවත් බෙදා හැරීම ද සිදු කරමින් තිබේ.

මේ නිසා හැකිනම් බැඳුම්කර වාර්ථාවේ සත්‍ය තොරතුරු ඇතුලත් කොමිසම විසින් හෝ නීතිපති දෙපාර්තමේන්තුව හෝ සහතික කළ සත්‍ය පිටපත ප්‍රසිද්ධ කරන ලෙස අපි අභියොග කර සිටිමු.

ඇලෝසියස් හා ගනු දෙනු කළේ එජාපයේ මන්ත්‍රීවරු පමණක් නොවේ. අප හොඳින්ම දන්නා කරුණ නම් මහින්දගේ පුත්‍රරත්නය වන නාමල් රාජපක්ෂ යනු ඇලසියස්ගේ සමීපතම මිතුරෙකි. ඔවුන් ඒ පාලන සමයේදී එකට කාපු කට්ටියය. එවකට මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් සහ ඔහුගේ සහොදරිය සමඟ ඇලෝසියස්ලා භාණ්ඩාගාර බැඳුම්කර වල ආයොජනය ආරම්බ කළ බව රහසක් නොවේ.

අපගේ දැනුම ප්‍රමාණය අනුව ඔය තිබෙනවාය කියන වාර්තාව බැඳුම්කර ගනුදෙනුවකට අදාල තොරතුරුද නොවේ. එය දුරකතන පණිවිඩ ගත් ලැයිස්තුවකි. එය බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණ ක්‍රියාමාර්ග ගත්ත ඊට අදාල වන සාක්ෂිකදු වීමේ සම්බාවිතාව අවමය.

සිරිසේනට හා මහින්දට දැන් වෙන බයිලා ගැසීමෙන් ජනතාව රැවටිය නොහැක. බැඳුම්කරයෙන් වංචාවක් වී තිබේ නම් කළ යුතු වන්නේ ඊට එරෙහිව නඩු දැමීමය. එහෙත් ඔවුන් නඩු දැමීමට තබා තවමත් චෝදනාවක් ගොනු කර ගත් නොහැකිව ගලේ රී ගත් බළලුන්ගේ ගානට වැටී සිටින බව පැහැදිලි කරුණකි. ඇලෝසියස් හා ඔහුගේ සහයකයා රිමාන්ඩ් බන්ධනාගාරයේ සිටින්නේ තේරුමක් නැතිව බව මේ සම්බන්ධයෙන් වැරදීමකින් හරි නඩුවක් විභාගයක් වුනොත් හෙළිවිය හැකිව තිබෙන එකම කරුණ විය හැකිය.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us