දෝශාභියෝගයට කරුණු සම්පූර්ණයි. අභියාචානාධිකරණ තීන්දුවෙන් සිරා+මරා දෙන්නම කපෝතියි. Featured

Published in පුවත්
Monday, 26 November 2018 11:19

ජනාධිපතිවරයාව බලයෙන් පහ කිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ගෙන ඒමට හැකි දෝෂාභියෝග යෝජනාව සඳහා සියලු කරුණු සම්පුර්ණ වී ඇත.ශාරීරික හෝ මානසික දුබලතාවය , ආණ්ඩුක්රම ව්යවස්ථාව සාපරාධීලෙස උල්ලංඝණය කිරීම ,රාජ්‍ය ද්‍රෝහී වීම,අල්ලස් ගැනීම,අනාචාරය,රාජ්‍ය බලය අනිසි ලෙස භාවිතය චරිත දුෂණය පිලිබඳ වරදකරුවෙක් වීම නීතිය මගින් වරදකරුවෙක් වීම.. ජනපතිට එරෙහි දෝශාභියොගයක් සඳහා පදනම් කර ගත හැකි කරුණු වේ. මින් බොහොමයකට අදාලව අවශ්‍ය කරුණු සම්පූර්ණ වී තිබේ.

විශේෂයෙන්ම චේතාන්විතව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කර ඇතැයි යන චෝදනාව ඔප්පු කිරීම සඳහා මේ වන විට අභියාචණාධිකරණය හමුවේ රිට් ආඥාවක් ( writ application of QUO Warranto ) ඉල්ලා ගොනු කර තිබෙන පෙත්සමෙහි තීන්දුව සෘජුවම බලපවත්වනු ඇති බව නීතිඥවරු පෙන්වා දෙයි. 

මෙම පෙත්සම අනුව හොර අගමැති සහ එම ඇමැති මණ්ඩලය අභියාචණාධිකරණය හමුවේ තමන්ට නීත්‍යානුකූලව පැවැරුණු ආණ්ඩු කිරීමේ බලයක් ඇති බව ඔප්පු කළ යුතුය.

විශ්වාසභංග යොජනාවෙන් තෙවරකම පරාජය වී සිටින මහින්ද ඇතුලු නඩයට පාර්ලිමේන්තුවේ බලය පෙන්වීමේ හැකියාවක් නැති අතර .එම යෝජනාව පාර්ලිමේන්තුව තුල නියමාකරයෙන් සම්මත වී තිබියදී තව දුරටත් බලහත්කාරයෙන් ආණ්ඩුවේ තනතුරු දරමින් සිටීම මෙම රිට් පෙත්සම මගින් අභියෝගයට ලක්වනු ඇත. එසේම සිරිසේන ජනාධිපතිවරයා රටේ නීතිය ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් තව දුරටත් මහින්ද ඇතුලු නඩය ආණ්ඩුව ලෙස සලකමින් පවත්වාගෙන යෑමට ඉඩ දීම මෙම පෙත්සම මඟින් අභියෝග කරයි.

මේ අනුව සිරිසේන මහින්ද පාර්ශ්වයට කිසිසේත්ම අභියාචනාධිකරණය හමුවේ තමන්ගේ බලය, නිත්‍යානුකූලව පැවරුනු බලයක් බව ඔප්පු කිරීමට හැකියාවක් නැති බව පැහැදිලි කාරණාවක් බව නීතිවේදීන් පෙන්වා දෙයි.

බලය බලහත්කාරයෙන් අල්ලා ගෙන සිටින් ආණ්ඩුවකට එරෙහිව ක්වෝ වොරන්ට් (QUO Warranto) ආඥාවක් ඉල්ලා සිටිමේ අවස්ථාව ලෝක ඉතිහාසයේ පළමු වරට සිදුවන නෛතික ක්‍රියාවලියකි. මේ නිසා මේ පෙත්සම් විභාගය සම්බන්ධයෙන් මුලු ලොකයේම අවධානය මේ අධිකරණ ක්‍රියාවලියට යොමුව පවතී

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us