අලුත් කොමිසමට, සිරිසේනගේ වංචා දුෂණ චෝදනා ‍රැසක්  

Published in පුවත්
Monday, 26 November 2018 13:18

රනිල් වික්‍රමසිංහ අගමැතිධූරය දැරූ 2015 සිට 2018 ඔක්තෝබර් 25 වනදා දක්වා කාලය තුළ ආණ්ඩුවේ සිදුවූ වංචා, දූෂණ සහ අක්‍රමිකතා පිළිබඳ සෙවීමට ජනාධිපති කොමිසමක් පත් කිරීමට කටයුතු කරන බවත් එමඟින් ඔවුන්ගේ තවත් වංචා, දූෂණ සහ අක්‍රමිකතා රැසක් රටට අනාවරණය වනු ඇති බවත් ජනාධිපති සිරිසේන ඊයේ (25) විදෙස් මාධ්‍යවේදීන් සමඟ පැවති සාකච්ජාවේදී පැවසීය.

මේ අනුව මෙම කාලයට අදාලව ජනාධිපතිවරයා සහ ඔහුගේ පවුලේ සාමාජිකයන් මැදිහත්ව සිදු කෙරුණු වංචා දුෂණ අක්‍රමිකතා විශාල ප්‍රමාණයක තොරතුරු ඇතුලත් ලිපි ගොනුවක් බාර දීමට සිවිල් සංවිධාන කිහිපයක් සූදානම් වෙමින් තිබේ.

සිරස රූපවාහිනියට ගුවන් සංඛ්‍යාත ලබා දීමේ අක්‍රමිකතාව, රුසියාවෙන් යුධ නැවක් මිළදි ගැනීමේ අක්‍රමිකතාව, බිලියන් 2 ගල් අඟුරු වංචාව, රට පුරා ඉඩම් හා දේපොළ මිළදි ගැනිම ,පවුලේ ව්‍යාපාරික සමාගම් වලට රජයේ ව්‍යාපෘති ලබා ගැනීමේ අක්‍රමිකතා ,රජයේ මාධ්‍ය ප්‍රචාරක කටයුතු ලබා ගැනීම , හොටල් ඉදි කිරීම මෙන්ම රාජපක්ෂ යුගයේ චුදිතයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට ඉඩ නොදීම එම චූදිතයන් අරක්ෂා කිරීම ආදි චෝදනා සියයක් පමණ මෙහි අඩංගු වනු ඇතැයි එම සංවිධාන නියෝජිතයෙකු පැවසීය.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us