මේ සිකුරාදා සිරිසේනගේ ඉරණම විසදෙයි. අගමැති රනිල් බව කනට ගහලා කියන්න ලැහැස්තියි ! Featured

Published in පුවත්
Monday, 26 November 2018 15:57

ලබන 30 වන සිකුරාදා  හොර අගමැතිගේ වැය ශීර්ෂය කපා හැරීම සඳහා කර තිබෙන යෝජනාව සම්බන්ධයෙන් පාර්ලිමේනතු ඡන්ද විමසීම සිදු කිරීමට නියමිතය. එමෙන්ම මීට සමාන්තරව හොර ඇමැති මණ්ඩලයේ වැය් ශීර්ෂයන් කපා හැරීමේ යෝජනාවකද ඡන්ද විමසීමට ලක් කිරීමට නියමිතය.

ලබන බදාදා සහ බ්‍රහස්පතින්දා යන දිනවල මේ සම්බන්ධයෙන් විවාදයක් පැවැත්වෙන අතර සිකුරා දිනයේදි මෙම යෝජනාව සම්මත කිරීමට පාර්ලිමේනතුවේ බහුතරය විමසනු ඇත.

එක්සත් ජාතික පක්ෂ ආරංචි මාර්ග සඳහන් කරන්නේ එම ඡන්ද විමසුම තමන්ට බහුතරය පෙන්වා ජය ගත හැකි බවත් එදිනම අගමැතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහට පාර්ලිමේන්තුවේ 113 කට වැඩි බහුතරයේ කැමැත්ත ඇති බවට දිව්රුම් පෙත්සම් ජනාධිපතිවරයාට ලබා දීමට කටයුතු කරන බවය. පාර්ලිමේන්තුවේ සිට විශාල ජනතාවක් සමඟ ජනාධිපති මන්දිරය දක්වා පෙළපාලියකින් ගොස් ජනාධිපතිවරයාට, රටේ ජනමතයත් පාර්ලිමේන්තුවේ බහුතරයේ මතයත් කුමක්ද යන ගැන පෙන්වා දෙන බවද එජාප ප්‍රකාශකයා පැවසීය. මෙම අවස්ථාවන් ආවරණය කිරීමට විදේශීය ජනමාධ්‍ය ආයතන සියල්ලටම ආරාධනා කර තිබෙන බවත් දැන ගැනීමට තිබේ.

ප්‍රජාතන්ත්‍ර විරෝධි ලෙස ඒකාධිපතිව හැසිරෙන උන්මන්තක පාලකයකු වන මෛත්‍රීපාල සිරිසේන මේ වනවිට රටට අත්පත් කරදි තිබෙන විනාශය ආපසු හැරවීමට නම් ජනතාවගේ පෙළ ගැස්ස අතයවශ්‍ය වී තිබෙන බවත් රටේ නීතියක් රීතියක් නොපිලිගෙන කටයුතු කරන මජර පාලකයන් පලවා හැරීම සඳහා ජනතාව සමඟ පාරට බැස සටන් කිරීමට එජාපයට ඉදිරියේදි සිදුවෙනු ඇති බවත් ඔහු අවධාරණය කරයි

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us