19 වන සංශෝධනය: තුන් කට්‍ටුවේ තීන්දුව හත් කට්‍ටුව ආපසු හරවයිද ? නීති ක්ෂේත්‍රයේ කැළඹිල්ලක් Featured

Published in පුවත්
Monday, 26 November 2018 19:11

වත්මන් ජනාධිපති සිරිසේන බලයට පත් වීමෙන් පසුව විධායක ජනාධිපතිධුරයේ බලතල අවම කිරීම වෙනුවෙන් ගෙන ආ 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙ‍ටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් තීන්දුව යළි අභියෝගයට ලක් වීමේ හැකියාවක් ඇති බව නීති ක්ෂත්‍රයේ ප්‍රවීණයන් පෙන්වා දෙයි.

19 වන සංශෝධන කෙ‍ටුම්පත ව්‍යවස්ථාවට අනුකූලද යන්න ශ්‍රේෂ්ඨාධිකරණයෙන් විමසු අවස්ථාවේ අදාල තීන්දුව ලබා දුන්නේ කීර්තිමත් විනිසුරුවරුන් ලෙස ප්‍රකටව සිටි හිටපු අගවිනිසුරුවරුන් වන ශ්‍රීපවන්, ප්‍රියන්ත ඩෙප් සහ ඇතැම් අවස්ථාවලදි වැඩ බලන අගවිනිසුරු ලෙසද කටයුතු කළ ජේෂ්ඨතම විනිසුරුවරයකු වන චන්ද්‍රා ඒකානයක විසිනි.

එදා 19 වන සංශෝධනයේ ව්‍යවස්ථාවට අනුකුල මෙන්ම එසේ නොවන ජනමත විචාරයණයකට ලක් කළ යුතු වගන්ති අධිකරණය පෙන්වා දුන් අතර ජනමත විමසුමකට නොගොස් පාර්ලිමේන්තුවේදී සම්මත කර ගත හැකි සංශෝධන පමණක් පාර්ලිමේන්තුව සම්මත කර ගත්තේය. දැඩි වාද විවාද මධ්‍ය කළ වෙනස්කම්ද සහිතවය. ඊට සමස්ත පාර්ලිමේන්තුවේම අදහස් විමසීමෙන් පසුව එකඟතාවය පළ විය.

කෙසේ නමුත් ජනාධිපතිවරයා එම 19 වන ව්‍යවස්ථාව නොසලකා හැර පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ගත් පියවර ආපසු අකුලා ගන්නා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කළ පෙත්සම් විභාය වෙනුවෙන් කලින් නම් කළ ත්‍රී පුද්ගල විනිසුරු මඩුල්ල වෙනුවට සත් පුද්ගල විනිසුරු මඩුල්ලක් අද නම් කර තිබේ. මේ සිදු කරනු ලැබුවේ රාජපක්ෂගේ පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී එල් පීරිස් අධිකරණය ගොනු කළ මෝසමක් සලකා බැලීමේන් පසුව බවටද මාධ්‍ය වර්තා පළවී තිබේ.

කෙසේ නමුත් පෙත්සම්කරුවන් 19 වන ව්‍යස්ථාව පදනම් කරගෙන තමන්ගේ ඉල්ලීම ඉදිරිපත් කර ඇත. නීති ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් පෙන්වා දෙන්නේ 19 සංශෝධනය අනුව පෙත්සම් කරුවන්ගේ ඉල්ලීම යුක්ති සහගත වීමේ වැඩි ඉඩක් පවතින බවය.

ඒ කෙසේ නමුත් 19 වන ව්‍යවස්ථා සංශෝධනය අධිකරණය හමුවේ අභියෝගයට ලක්වී එය ව්‍යවස්ථාවට පටහැනි බවට තීන්දුවක් ප්‍රකාශ වුවහොත් පෙත්සම් කරුවන්ට හිමි වන්නේ පරාජයය. සිරිසේන ජනධිපතිවරයා යළි පරණ විධායක ජනාධිපතිවරයාම වෙනු ඇත.18 වන සංශෝධනය හරහා මහින්ද රාජපක්ෂ ගොඩනගා ගත් ඒකාධිපති බලතල සියල්ල මෛත්‍රීපාල සතු වෙනුද ඇත.

ඊටත් වඩා ගීතා කුමාරසිංහට යලි පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක ලෙස කටයුතු කිරීමටද හැකි වෙනු ඇත.

මේ පෙත්සම සලකා බැලීමට දැන් නම්කර තිබෙන හත් කට්‍ටුවේ විනිසුරුවරුන් තිදෙනකුම මිට පෙර ගෝඨාභය රාජපක්ෂ ඉදිරිපත් කළ පෙත්සමක් විභාගය සඳහා වාඩි වූ අය නමුත් පසුව ඒ සිදු කළ නොහැකි බව කියමින් ඉන් ඉවත් වුවෝ වෙති. එම පිරිස බුවනෙක අලුවිහාරේ, ප්‍රියන්ත ජයවර්ධන සහ මුර්දු ප්‍රනාන්දු යන විනිසුරුවරුන්ය.

අගවිනිසුරු නලින් පෙරේරා, , ප්‍රසන්න ජයවර්ධන, සිසිරද ආබෘෘ, විජිත් මලල්ගොඩ, මුර්දු ප්‍රනාන්දු හත් කට්ටුවේ සෙසු විනිසුරුවන් වේ.

කුමක් නමුත් එළඹෙන දෙසැම්බර් 07 වනදා දක්වා මේ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව එන තුරු බලා සිටින්නට සිදු වෙනු ඇත. රට ආපස්සට යයිද ඉදිරියට යයිද යන්න අධිකරණයේ තීන්දුව මත නිෂ්චය වෙනු ඇත.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us