සිරිසේන දඟලන්නෙ තව අවුරුද්දයි..ඊට පස්සෙ හිරේ ! Featured

Published in පුවත්
Tuesday, 27 November 2018 16:58

ඔක්තෝබර් 26 දායින් පසුව පත්කරන ලද නීති විරෝධි අගමැතිවරයා සහ කැබිනට් මණ්ඩලය මගින් රජයේ හා සංස්ථාපිත මණ්ඩල හා රාජ්‍ය අනුබද්ධ ආයතනයන්හි සිදුකොට ඇති නීති විරෝධි පත්කිරීම් හා ලබාදී ඇති උසස්වීම් සියල්ල තම රජයක් යටතේ අවලංගු කිරීමට පියවර ගන්නා බැව් පා.ම අජිත් පෙරේරා මහතා අද අරලියගහ මන්දිරයේදී පැවති මාධ්‍ය හමුවේදී පැවසීය. 

තවද ඊනියා කැබිනට් මණ්ඩලය විසින්
තරඟකාරී හා පිළිගත් ටෙන්ඩර් පටිපාටියකින් තොරව කොළඹවරායේ
ඩොලර් මිලියන 100 කට වඩා වැඩි වටිනාකමකින් යුත් ප්‍රධාන
කොන්ත්‍රාත් දෙකක් චීන සමාගමකට පවරා ඇතැයි ද පැවසූ ඒ මහතා
අනීතිකව සිදු කළ ඇති ඒ සියලූ කටයුතු නිසා රජයට හා මහජනතාවට
සිදුකොට ඇති පාඩුව (ඒ හා සම්බන්ධව කටයුතු කළ අදාල ඇමතිවරුන්
හා නිලධාරීන්ගෙන්) පෞද්ගලිකව අයකර ගැනීමට පියවර ගන්නා බවද
පෙරේරා මහතා වැඩිදුරටත් පැවසීය.

වැඩිදුරටත් අදහස් දැක්වූ පෙරේරා මහතා
මම සිරිසේන ජනාධිපතිට කියන්නේ, ඔබට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට
අනුව නඩු පැවරීමට නොහැකි තත්වය එනම් මුක්තිය පවතින්නේ ඔබ
ජනාධිපතිධූරයේ සිටින තාක් කල් පමණයි. එම කාලය තව වසරකින්
අවසන් වෙනවා. ඉන්පසුව ඔබ සාමාන්‍ය පුරවැසියෙකුගේ තත්වයට
පත්වෙනවා. එවිට ඔබතුමාටත් රටේ සිවිල් සහ අපරාධ නීතියට යටත්
වීමට සිදුවෙනවා. එම නිසා මේ අඛණ්ඩව සිදුකරගෙන යනු ලබන
නීතිවිරෝධි ව්‍යවස්ථා විරෝධි ක්‍රියා පිළිවෙත වහාම නතර කරන ලෙස
ඉල්ලා සිටිනවා. මෙය අපිව නැවත බලයට පත්කරන උත්සාහයක්
නොවෙයි. මේක මේ රටේ පාර්ලිමේන්තුවට වගකිව යුතු විධිමත්
පාලනයක් ඇතිකිරීම සඳහා වන උත්සාහයක් බව කිව යුතුයි.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us