සිරිසේන හොරෙක් ..මහින්ද කම්බ හොරෙක්..

Published in පුවත්
Tuesday, 27 November 2018 17:18

සොරෙක් තමා විසින් සොරකම් කළ භාන්ඩ නැවත ආපසු භාරදුන්නත් සොරකම, සොරකමම බවත්, මෛත්‍රීපාල ජනපති විසින් මේ සොරකම් කොට ඇත්තේ, හැට දෙලක්‍ෂයකගේ ජනතා පරමාධිපත්‍යය, නොඑසේ නම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව බවත් සොරෙක් සොරබඩු කිසියම් පුද්ගලයෙකුට භාරදේන්නේ නම් දැනුම් තේරුම් ඇති වැදගත් පුද්ගලයෙකු එවැනි දෙයක් භාර නොගන්නා බවත් එවැනි දේ භාරගන්නේ ස්ථාවර නොවන ව්‍යාපාරිකයන් බවත් පා.ම වජිර අබේවර්ධන මහතා මාධ්‍යවේදීන් අමතමින් අරලියගහ මන්දිරයේදී පැවසීය.

මහින්ද රාජපක්ෂ අවුරුදු 46 ක දේශපාලන පළපුරුද්දක් ඇති, මෙවැනි දේශපාලන මංකොල්ල කෑම් පිළිබඳව 1993 දී දකුණු පළාත් සභා මැතිවරණයේදී තමා විසින්ම ලත් අත්දැකීම් ඇති අයෙක් බවත්, තමාට නීති විරෝධිව අගමැතිධූරය භාරදුන් අවස්ථාවේ එය භාරගැනීමට සදාචාරාත්මක අයිතියක් ඔහුට නැති බවත් එජාපයෙන් සොරකම් කළ අගමැතිධූරය තමාට හිතුමතේ වෙනෙකෙකුට පැවරීමට සිරිසේන ජනාධිපතිවරයාට කිසිසේත්ම නොහැකි බවත් අබේවර්ධන මහතා පැවසීය.

තවදුරටත් අදහස් පළ කළ අබේවර්ධන මහතා
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරයා රට පාලනය කළ යුතුයි. පාර්ලිමේන්තුව පාර්ලිමේන්තුව සතු බලය කිසිසේත්ම අත් නොහළ යුතුයි. එම බලය අන්සතු නොකළ යුතුයි. අර්බුදකාරී අවස්ථාවත් පැනනැගුනහොත් 37:2 යටතේ කතානායකවරයා හට බලතල පවරා තිබෙනවා. එතුමාට ඒ ගැන ප්‍රශ්නයක් පවතිනම් අග්‍රවිනිශ්චයකාරවරයා හට බලතල පවරා තිබෙනවා. එහෙම නැතුව මාධ්‍යයට හෝ ආගමික හා දේශපාලන නායකයන්ට අවශ්‍ය පරිදි අවශ්‍ය අවශ්‍ය කණ්ඩායම් ආණ්ඩු හැටියට පත්කර ගැනීමට කිසිම ප්‍රතිපාදනයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කිසි තැනක සදහන් වන්නේ නැහැ. නීති විශාරද මහාචාර්ය ජී.එල් පීරිස් මහතා මේ ගැන අදහස් පළකොට තිබුණා. මම එතුමාගේ දැනුම ගැන කණගාටු වෙනවා. 37:2 වගන්තිය නැවත කියවන හැටියට එතුමාගෙන් ඉල්ලා සිටිනවා. ප්‍රජාතන්ත්‍රවාදය සොරකම් කිරීම නිසා රට අරාජිකව අදට මාසයක් වෙනවා. රනිල් වික්‍රමසිංහ මැතිතුමා මේ ප්‍රශ්නය දිහා බලන්නේ වෛරයෙන්, ක්‍රෝධයෙන් නොවෙයි. එතුමා මේ ප්‍රශ්නය සාමකාමීව විසදාගැනීමට අවංකවම උත්සාහ කරනවා. මෙවැනි ආවේගශීලිව, කටයුතු කරන අවස්ථාවක අපේ ආගමට අනුව ආගමික නායකයන් ප්‍රකාශ කළ යුත්තේ නැවත මැතිවරණ පැවැත්වීම ගැන නොව රට කරවන ඊනියා නායකයන් ශ්‍රද්ධාව, බුද්ධිය, විනය, සදාචාරය, යුක්තිය නීතිය සාධාරණත්වය ඇති කරවන ආකාරයේ අනුශාසනා ලබාදීමයි.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us