රුපියලේ තත්වය හා රටේ ආර්ථිකය, මහබැංකු වාර්තා අනුව කෙටියෙන් Featured

Published in පුවත්
Wednesday, 28 November 2018 13:14

ශ්‍රී ලංකා රුපියල ඊයේ දිනයේදී පස්වන වරටත් වාර්තාගත ලෙස පහළ ‍ගොස් තිබෙනවා. ණය ශ්‍රේණි පහළ දැමීමත් සමඟ ආයෝජකයන් විසින් තැන්පත් කළ මුදල් ඉවත් කර ගැනීම හා පවතින දේශපාලන අර්බුදය හමුවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ලබා දීමට නියමිතව තිබූ ණය ආධාර සම්බන්ධ සාකච්ඡා ප්‍රමාද වීම එයට හේතුව වී තිබෙනවා.

පසුගිය සඳුදා අමෙරිකානු ඩොලරයට සාපෙක්ෂව ශ්‍රී ලංකා රුපියල් 180.50ක් වූ අතර මේ වන විට එය රුපියල් 182.27ක විකුණුම් අගයක් වාර්තා කර තිබෙනවා.

මේ අතර පසුගිය අඟහරුවාදා මූඩිස් ආයතනය 2010 වසරේදී ශ්‍රී ලංකාවේ ශ්‍රේණිගත කිරීම් ඉහළ දැමීම ආරම්භ කළ පසු ප්‍රථම වරට පසුගිය අඟහරුවාදා මෙරට ණය ශ්‍රේණිගත කිරීම් පහළ දමා තිබුණා. ඒ පවතින දේශපාලන අර්බුදය හමුවේ දැනටමත් ශ්‍රී ලංකාවේ ආර්ථික ගැටළු උද්ගත වී ඇති බවට චෝදනා කරමින්. මෙම ශ්‍රේණිගත කිරීම් පහළ දැමීමත් සමඟ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවේ ණය වාරික සම්බන්ධ සාකච්ඡා කල් දැමීමේ තීරණයක් ද ගෙන තිබෙනවා.

පාර්ලිමේන්තුව තුළ විශ්වාසභංග යෝජනා දෙකක් මගින් සම්මත වූ පසුවත් සිය ධුරයෙන් ඉවත් නොවන මහින්ද රාජපක්ෂ හා ඔහුගේ රජයට කිසිදු විදෙස් රටකින් සුබ පැතීමක් හෝ පිළිගැනීමක් ලැබී නැහැ. රජයක් ලෙස හඳුනාගෙන නැති ඊනියා රජයක් හමුවේ දිනෙන් දින ශ්‍රී ලංකාවේ ආර්ථීකය අර්බුදයට ලක්වෙමින් තිබෙනවා. ආයෝජකයන් මෙහිදි ශ්‍රී ලංකාවේ දේශපාලන තත්වය පිළිබඳ සිය දැඩි අවධානය යොමු කර ඇති අතර බහුතර බලය තිබුණද ජනාධිපති විසින් පිළි නොගන්නා අගමැතිවරයෙක් ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයක් ද , කිසිදු බහුතර බලයක් නොමැතිව ජනාධිපතිවරයාගේ කැමැත්ත මත පමණක් පත් වූ අගමැතිවරයෙක් ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයක් හමුවේ ශ්‍රී ලංකාව අතරමංව ඇති බව ආර්ථික විශ්ලේෂකයෝ පවසනවා.

පසුගිය ඔක්තෝබර් 26 වනදා ශ්‍රී ලංකා රුපියල අවප්‍රමාණය වීම 4%ක් වූ අතර එය මේ වන විට 17.3%ක් වී තිබෙනවා. ඊයේ දිනයේදී විදේශිකයන් රුපියල් මිලියන 52.9ක් වටිනා කොටස් විකුණා දමා ඇති අතර ඔක්තොබර් 26 වනදා දේශපාලන කුණාටුව හැමීමට පෙර ඔවුන් කොටස්වෙළෙඳපොලේ කොටස් බිලියන 7.9ක් වටිනා කොටස් විකුණුම්කරුවන් බවට පත්ව තිබුණා.

එසේම මහබැංකු වාර්තා අනුව පසුගිය ඔක්තෝබර් මස 25 වනදා සිට නොවැම්බර් 21වනදා දක්වා බැඳුම්කර වෙළෙඳපොලේ රුපියල් බිලියන 29ක කොටස් ඉවත් කරගෙන තිබෙනවා. මේ වසරේ රාජ්‍ය සුරැකුම්පත් වලින් බිලියන 118.8ක් සහ කොටස්වලින් බිලියන 17.3ක කොටස් ඉවත් කරගෙන ඇති බව මහබැංකුවේ නවතම දත්ත වාර්තා පෙන්වා දෙනවා.

එසේම පසුගිය ඔක්තෝබර් 26 වැනිදා අර්බුදය දිග හැරීමත් සමඟ වසර පහක රජයේ බැඳුම්කර පොලී අනුපාත ඒකක 85කින් ඉහළ ගොස් තිබෙනවා. මේ අතර ඊයේ කොළඹ කොටස් මිළ දර්ශකය 0.48% දක්වා ඉහළ ගොස් තිබෙනවා. එය පසුගිය සතියේ 0.41% ක් ලෙස ද ඊට පෙර සතියේ 0.39% ක් ලෙස අඩු වූ අතර මේ වසරේ එම බිඳි වැටීම ප්‍රතිශතයක් ලෙස ගත් විට 6.3 % ක අගයක් පෙන්නුම් කරනවා.

අඟහරුවාදා වන විට කොටස් වෙළෙඳපොල පිරිවැටුම රුපියල් මිලියන 460.8ක අගයක් වාර්තා කළා. එය මේ වසරේ රුපියල් මිලියන 833.6ක් වන දෛනික සාමාන්‍යය අගයටත් වඩා පහළ අගයක් වනවා.

රොයිටර් පුවත් ඇසුරෙණි.

Last modified on Wednesday, 28 November 2018 13:21

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us