සිරිසේනගේ, ත්‍රාඩ නිල මැරයා මාධ්‍යවේදියකුට පහර දෙයි ! Featured

Published in පුවත්
Wednesday, 28 November 2018 15:33

තරුණයන් 11 දෙනෙකු පැහැරගෙන ගොස් පසුව ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධානම සැකකරුවකු වන නේවි සම්පත් රහසිගතව රටින් පිටකිරීම සම්බන්ධ නඩුවේ චූදිත, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි රවීන්ද්‍ර විජේගුණරත්නගේ ආරක්ෂක මැරයෝ අද උසාවි ගේට්ටුව අබියසදී ම සන්ඩෙ මොර්නින් පුවත්පතේ මාධ්‍යවේදී ඉන්දික හඳුවෙල මහතාට පහර දී තිබේ

රවීන්ද්‍ර විජේගුණවර්ධන සිරා මරා බලුපූට්‍ටුවේ ගොඨාගේ භුමිකාව රඟ දක්වමින් සිටින ත්‍රාඩ මැරයාය. පවතින දේශපාලන අර්බුධය හමුවේ විශේෂයෙන්ම යුධ හමුදාපතිවරයා ප්‍රජාතන්ත්‍ර විරෝධී කටයුතුවලට සිය හමුදාව අනුයුක්ත කිරීම ප්‍රතික්ෂේප කර තිබෙන තත්වයන් යටතේ සිරිසේන සහ මහින්ද සිදු කළේ මේ ත්‍රාඩ මැරයාට ත්‍රිවිධ හමුදාව පාලනය කිරීම බලය පැවැරීමයි. එසේම ඔහුට එරෙහිව ඇති චෝදනා සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීම වලකාලමින් ද තිබේ. නමුත් වාසනාවකට රහස් පොලිසියේ නිලධාරීන්ගේ කෂේරුකාව පසුගිය යහපාලන සමයේදී ශක්තිමත් කළ නිසා රවීන්ද්‍රලා වනි මැරයන්ට පරණ ගෝටා මාදිලියේ සෙල්ලම් කිරීම දැනට බාධාවක්ව තිබේ.

සන්ඩෙ මෝර්නින් පුවත්පත දැඩි මහින්දවාදියකු වන දෙරණ අධිපති දිලිත් ජයවීරට අයත් පුවත් පතකි. ඒ අනුව සිරිසේන මහින්ද මැර ජුන්ටාව තමන්ගේ කටයුත්තකට බාධාවක් වන්නෙ නම් තමන්ගේ පාක්ෂිකයා වූවද ඒ මොහොතේදීම මර්දනය කිරීමට සූදානම් බව පෙන්වා ඇත.

මාධ්‍යවේදීන්ට පහර දීම සම්බන්ධයෙන් ඔහුට ඉතිහාසයක්ද තිබේ. හම්බන්තොට වරායේ සිදුවූ වැඩ වර්ජනයක් ආවරණකිරීමට ගිය මාධ්‍යවේදීන්ටද මීට පෙර අවස්ථාවක් මොහු පෞද්ගලිකවම මැදිහත් වී පහර දි තිබිණි. 

පසුගියදා , තරුණයන් 11 දෙනෙකු අතුරුදන් කිරීමේ සිද්ධියේ රවීන්ද්‍රට එරෙහිව සාක්කි දුන් ලෙෆ්ටිනන්ට් කමාන්ඩර් ලක්සිරිට ද, මෙම රවීන්ද්‍රගේ මැරයන් විසින්ම තුවක්කු බඳෙන් හිසට පහර දී තිබිණි. ලෙෆ්ටිනන්ට් කමාන්ඩර් ලක්සිරි ජීවිතාරක්ෂාව පිණිස නාවුක හමුදාවෙන් ඉල්ලා අස් විය.

ජනපති සිරිසේන විසින් අත්තනෝමතිකව මාරුකර යවන්න හැදූ, CID සංවිධානාත්මක මංකොල්ලකෑම් අංශයේ ස්ථානාධිපති නිශාන්ත ද සිල්වා හට "කොටි" චෝදනා එල්ල කළේ ද මේ රවීන්ද්‍ර විජේගුණරත්න ම ය. රවීන්ද්‍රගේ නඩුව ගොනුකර ඇත්තේ ද නිශාන්ත සිල්වාගේ ඒකකයෙනි.

Last modified on Wednesday, 28 November 2018 15:48

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us