හොර අගමැති ඉවත්කරන්න සිරිසේන තීන්දු කරයි ! මහින්ද බෑ කියා පිණ්සෙන්ඩු වෙයි. Featured

Published in පුවත්
Wednesday, 28 November 2018 16:47

අද උදෑසන සිරිසේන ජනාධිපතිවරයාගේ නියෝජිතයන් ලෙස හොර අගමැති මහින්දව මුණ ගැහුණු ශ්‍රීලනිප මන්ත්‍රීවරු 15 දෙනෙකු අගමැතිධුරයෙන් වහා ඉල්ලා අස්වන ලෙස දැනුම් දී තිබේ. මෙම හමුව අද උදෑසන මහින්දගේ විජේරාම මාවතේ නිවසේදී සිදුවී ඇත.

තමන්ට බහුතරය නොමැති නිසා තව දුරටත් අගමැතිධුරයේ සිටීමෙන් පළක් නොවන බවත් කිසිසෙත්ම ආණ්ඩුවක් ගෙන යෑමට නොහැකි බවත් මෙම පිරිස මහින්දට පෙන්වා දි ඇත. රට මේ වන විට දැවැන්ත ආර්ථික අර්බුධයකට ගොස් ඇති බවත් අතුරු සම්මත ගිණුම පවා සම්මත කර ගැනීමට නොහැකි බවත් එසේ වුව හොත් ලබන වසරේ රාජ්‍ය සේවක පඩිනඩි , විශ්‍රාම වැ‍ටුප්, සමෘද්ධි දීමනා හෝ ගෙවීමට නොහැකි බවත් පෙන්වා දි තිබේ.

එහෙත් මහින්ද කියා ඇත්තේ තමන් කිසිසේත්ම ඉල්ලා අස්වීමට සූදානම් නැති බවය. 07 වනදා ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ලැබෙන තෙක් ඉවසන ලෙසද ඔහු ඉල්ලා තිබේ. සිරිසේනට කැමති තීන්දුවක් ගැනිමට හැකි බවත් එයාට 113 ක් තිබෙනවා කියමින් මේ අර්බුධය ඇති කළේ ඔහුම නිසා මිනිස්සුන්ගෙන් බැනුම් අහන්න වෙන්නේ තමන්ට නොව ඔහුට බව අවධාරණය කර තිබේ.

07 වෙනිදා අධිකරණ තීන්දුට තමාට වාසිදායක් වූවොත් පාර්ලිමේන්තුව විසුරුවා මහ මැතිවරණයකට යන බවත් එය ජයග්‍රණය කිරීමට හැකි බවත් මහින්ද පෙන්වා දී ඇති අතර තීන්දුව අවාසිදායක වුවහොත් ඉතිරි අවුරුදු එකහාමාර එජාප මන්ත්‍රීවරු අරගෙන කරගෙන යන බවත් පවසා ඇත.

එවිට ශ්‍රීලනීප මන්ත්‍රීවරු පෙන්වා දී ඇත්තේ දැන් මාසයක් තිස්සෙම බහුතරය හදා ගැනීමට නොහැකිව එක එක කතා කියන එකේ තේරුමක් නැති බවය. මහින්ද ඉල්ලා අස් වෙන්නෙ නැති නම් ඉවත් කිරීමට ජනාධිපතිවරයා හෙටම තීන්දුවක් ගනු ඇති බව දැඩිව පවසා තිබේ.

ඉන් පසුව මහින්ද පවසා එත්තේ කාටවත් මගේ ප්‍රශ්නය තේරෙන් නෑ..මට තියෙන්නෙ මේ ගෙදර ප්‍රශ්න මන් නාමල් ගේ අනාගතය ගැන බලන්න ඕන. ශිරන්ති ගැන බලන්න ඕන. ගොටා ගැන බැසිල් ගැන බලන්න ඕන නඩු තොගයක් ඉස්සරහට එනවා ආදි වශයෙන් තමන්ගේ අසරණකම ප්‍රකාශ කර ඇත.විශේෂම කාරණය වන්නේ මහින්ද රටේ අර්බුධ ගැන කිසිවක් ප්‍රකාශ නොකිරීමය

එහෙත් සිරිසේන ජනාධිපතිවරයා දැඩි තීන්දුවක් ගනු ඇති නිසා කලපනා කර හොඳ තීන්දුවක් ගන්න ලෙස පවසා ශ්‍රිලනිප මන්ත්‍රීවරු සාකච්ඡාව අවසන් කර තිබේ.

Last modified on Wednesday, 28 November 2018 16:48

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us