අල්ලස් දෙන්න කතා කළ මන්ත්‍රීවරු ගැන පරීක්ෂණ අරඹයි. ඔප්පු වුණොත් අවුරුදු 7ක් හිරේ. ප්‍රජා අයිතියත් අහෝසියි. Featured

Published in පුවත්
Thursday, 29 November 2018 14:23

පසුගිය නොවැම්බර් 05 වැනිදා ට්‍රාන්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනය විසින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට සිදු කළ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ට අල්ලස් ලබා දීමට තැත් කිරීම සම්බන්ධ පැමිණිල්ල සම්බන්ධයෙන් එම ආයතනය ඊයේ සවිස්තරාමක ප්‍රකාශයක් කොමිසම වෙත ලබා දුන්නා.

මෙම ප්‍රකාශය අනුව ඔවුන් විශේෂයෙන් සඳහන් කර සිටියේ පසුගියදා පාර්ලිමේන්තු මන්ත්‍රි පාලිත රංගෙ බණ්ඩාර මහතා මාධ්‍ය වෙත ඉදිරිපත් කළ දුරකතන සංවාද අනුව මෙම අල්ලස් දීමට තැත් කිරීම අල්ලස් පනතේ 14වන වගන්තිය පැහැදිලි ලෙසම උල්ලංඝනය කර ඇති බවයි.

එම සංවිධානයේ විධායක අධ්‍යක්ෂ අශෝක ඔබේසේකර මහතා කියා සිටියේ අදාළ දුරකථන සංවාද අනුව ප්‍රධාන කරුණු 3ක් ඉස්මතු වන බවයි.

1- පක්ෂය මාරු කිරීම සඳහා රුපියල් මිලියන 500ක මුදලක් ලබා දීමට කතා කිරීම.
2- එම මුදල අමෙරිකානු ඩොලර් මුදල් ඒකකවලින් ගෙවීමට යෝජනා කිරීම.
3- අදාළ ගනුදෙනුව ආණමඩුව ප්‍රදේශයටම පැමිණ සිදු කිරීමට ඇති කැමැත්ත.

අල්ලස් පනත යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙකු සම්බන්ධයෙන් අල්ලස් වරදකදි වසර 7ක සිර දඬුවමකට යටත් කළ හැකියි. මේ අනුව වරදකරුවන් වන පාර් ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ප්‍රජව් අයිතිය අහෝසි කිරීමේ ප්‍රතිපාදන පවතින බවත් නීති වේදීන් පෙන්වා දෙයි

මේ සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ නිළධාරින් පැවසුවේ අදාළ පැමිණිල්ල සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති අතර ඒ සඳහා අදාළ පාර්ශ්වයන්ගෙන් ප්‍රකාශ ලබා ගැනීමේ හැකියාව ද පවතින බවයි.

“ අපි බලාපොරොත්තු වෙනවා මේ පරික්ෂණවල ප්‍රතිඵල අනුව මේ විදියට මන්ත්‍රිවරුන්ට අල්ලස් ලබා දීමට තැත් කළ පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක වෙයි කියලා. ඒ වගේම ඒ තුළින් අනාගතයේ දී මෙවැන්නක් සිදු කිරීමට උත්සාහ කරන පුද්ගලයෙකුට එහි ප්‍රතිවිපාක ගැන දෙවරක් සිතා බලන්නට වේවි“ . මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔබේසේකර මහතා වැඩිදුරටත් කියා සිටියා.

image

Last modified on Thursday, 29 November 2018 14:23

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us