සිරා+මරා ගෝත්‍රික පාලනයට එරෙහිව දැවැන්ත සන්ධානයක්, එජාපය සමඟ ශ්‍රීලනීප 16 ක්,දෙමළ මුස්ලිම් පක්ෂ ගනනාවකුත් එකතුවේ. Featured

Published in පුවත්
Thursday, 29 November 2018 14:05

ප්‍රජාතන්ත්‍ර විරෝධී පාලනය මෙරටින් තුරන් කිරීම වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රීලනිපයේ ප්‍රජාතන්ත්‍රවාදී කණ්ඩායමේ මුලිකත්වයෙන් ඉදිරි මැතිවරණවලට මුහුණ දීම සඳහා ඉතිහාසයේ දැවැන්තම දේශපාලන සන්ධානය නිර්මාණය කිරීමේ කටයුත්ත ලහි ලහියේ සිදු වෙමින් පවතී.

මේ සඳහා දෙමළ හා මුස්ලිම් ජන කොටස් නියෝජනය කරන පක්ෂ හා කණ්ඩායම් රැසක්ද එකතු වීමට නියමිතව තිබේ. දෙමළ ජාතික සන්ධනය හා ජනතා විමුක්ති පෙරමුණ සමඟද මේ සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වෙමින් තිබේ.

මේ වන විට ලියාපදිංචිව තිබෙන දේශපාලන පක්ශයක නම හා සලකුණ වෙනස් කර නව සන්ධානය ලියා පදිංචි කිරීම ඉදිරි දින කිහිපයේදී සිදු වීමට නියමිතය.

සිරිසේන ජනාධිපතිවරයා 2015 ජනවාරි 08 ජනතා වුවමනාවන් පාවා දී මජර ම්ලෙච්ඡ රාජපක්ෂවරුන් හා එකතුව යහපාලනය විනාශ කිරීමට කටයුතු කිරීම නිසා මේ වන විට ශ්‍රි ලංකාව ආර්ථිකමය හා සමාජීය වශයෙන් බරපතල අර්බුධයකට ලක්ව තිබේ. සිරිසේන ජනාධිපතිවරයාගේ හිතුවක්කාර මැටි මෝල් චින්තනය සහ මහින්ද රාජපක්ෂගේ බල ලෝබී ගෝත්‍රික ආශාවන් නිසා මේ වන විට දැවැන්ත ජාත්‍යන්තර අපකීර්තියකටද ශ්‍රීලංකාව ලක්ව තිබේ. හොර ආණ්ඩුව පිහි‍ටුවා මාසයක් ඉක්ම ගියද මෙතෙක් කිස්දු රාජ්‍යයක් මේ හොර ආණ්ඩුව පිළිගැනිමට ලක් කර නැත. එමෙන්ම වහාම රට තුල ප්‍රජාතන්ත්‍රවාදය පිහි‍ටුවා පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයට ඉඩ දෙන ලෙස සිරිසේන ජනාධිපතිවරයාට විදේශ රාජ්‍යයන් ගනනාවකින් දැනුම් දීම් සිදු කර තිබුණද ඒ කිසිවක් සිරිසේන සලකා බැලුවේ නැත.

අද දින පාර්ලිමේන්තුව හමුවේ හොර ඇමැති මණ්ඩලයේ වැය ශීර්ෂයන් කපා හැරීමේ යෝජනවද ඡන්ද 123 ක බහුතරයෙන් සම්මත විය. ඒ අනුව මේ හොර ආණ්ඩුවේ අගමැතිවරයාට හෝ ඇමැති මණ්ඩලයට රජයේ මුදල් කිසිවක් වැය කිරීම සිදු කළ නොහැක. 2019 වසර සඳහා අයවැය යෝජනාව හෝ අතුරු සම්මත ගිණුමක් හෝ සම්මත කර ගැනිමට නොහැකිවීම තුල ලබන ජනවාරියේ සිට රාජ්‍යයේ කිසිදු වියදමක් දැරීමේ හැකියාවක් හොර ආණ්ඩුවට හෝ සිරිසේනට හෝ කළ නොහැකිය. ඒ අනුව රාජ්‍ය සේවක පඩි නඩි විශ්‍රාම වැ‍ටුප්, සමෘද්ධි සහනාධර ඇතුලු සියලු සහනාධාරයන් සහ සංවර්ධන කටයුතු සියල්ල ඇණ හිටී.

මේ වන විටත් මෙරට ව්‍යාපාරික ක්ෂේත්‍රය බරපතල කඩා වැටීමකට ලක් කර තිබේ. ආනයන අපනයනන් පවා මන්ද ගාමී වී තිබේ. ඩොලරයේ අගය දිනෙන් දින ඉහළ යෑම සහ ජාත්‍යන්තර ආධාර නොලැබිම තුල බරපතල විදේශ විනිමය අර්බුධයකට ලක්ව තිබේ. මේ නුව ලබන ජනවාරියේදී ගෙවීමට නියමිත් ණය සහ පොලී ගෙවීමේ නොහැකියාවෙන් රජය පෙලෙන අතර තව දුරටත් ණය ගැනිමට තිබෙන හැකියාවද අහෝසි වෙමින් තිබේ. ඒ ජාතයන්තර ණය ශ්‍රේණිගත කිරීම වල ශ්‍රී ලංකාව අවධානම් රටක් ලෙස ප්‍රකාශයට පත් වීම හේතුවෙනි.

මේසා දැවැන්ත ආර්ථික හා සමාජිය අර්බුධයක් මීට පෙර ශ්‍රිලංකා ඉතිහසයේ ඇති නොවූ බව ආර්ථික විශේෂඥායෝ කරුණු සහිතව පෙන්වා දී ඇත.

මේ අනුව යළි රට ගොඩ නැගීමටනම් සියලු පාර්ශ්වවල එකමුතුවක් සන්ධානයක් ඇති වීම වැල්ක්විය නොහැක. ඊට බාධා කරන රාජපක්ෂවාදී ගෝත්‍රික වහලුන් ගේ බලපෑම අවම කර රට ශිෂ්ටත්වයට ගෙන යන පුළුල් ජනතා එකමුතුවක අවශ්‍යතාවය දැඩිව දැනෙමින් තිබේ. පක්ෂ පාට නොසලකා ජාති ආගම් නොසලකා මේ එකමුතුව නොමැති වුවහොත් රට විසාලා මහනුවරක් වීම වැලැක්විය හැකි නොවේ.

මේ නිසා රට වෙනුවෙන් මේ ගොඩ නැගෙන ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානය වටා ඒකරාශී වීම රටට ජනතාවට ආදරය කරන සියලු පාර්ශ්වල වගකීම හා යුතුකමක් වේ.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us