විජේදාස ස්වාධින වෙයි...පෙරහැර මඟ එනවා.

Published in පුවත්
Thursday, 29 November 2018 19:19

කුමන්ත්‍රණ ආණ්ඩුවේ අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍ය ලෙස කටයුතු කරන විජේදාස රාජපක්ෂ පාර්ලිමේන්තුවේ ස්වාධීන මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කිරීමට තීරණය කර තිබෙනවා.

ටයිම්ස් ඔන්ලයින් පුවත් අඩවියට ප්‍රකාශයක් ලබා දෙමින් ඒ මහතා පවසා ඇත්තේ පාර්ලිමේන්තුවේ ස්වාධීනව සිටිය ද තවදුරටත් සිය අමාත්‍යංශයේ කටයුතු සිදු කරන බවය.

පාර්ලිමේන්තුව තුල ස්වාධීනව හිඳිමින් කැබිනට් මණ්ඩලයේ කටයුතු කිරීම කැබිනට් මණ්ඩලයේ සාමුහිකත්වය කැඩීමක් වනවා සේම එය තක්කඩි හැසිරීමකි. කෙසේ නමුත් වත්මන් ආණ්ඩුව නීත්‍යානුකූල නොවන එකක් බව ඔප්පු වී අවසන් නිසා. විජෙදාස රාජපක්ෂගේ මීළඟ ප්‍රකාශය එජාපය මුලිකත්වයෙන් නිර්මාණය වන ආණ්ඩුවේ ඇමැතිධුරයක් බාර ගන්නවා යැයි පැවසීම විය හැකිය.

මේ වන විටත් ශ්‍රිලනීපය නියෝජනය කරමින් කුමන්ත්‍රණ ආණ්ඩුවේ ඇමැතිකම් දරණ මන්ත්‍රීවරු රැසක්ම හෙට අනිද්දා වන විට පාර්ලිමේන්තුව තුල ස්වාධීන වීමටත් ගොඩ නැගෙන නව ආණ්ඩුවේ ඇමැතිකම් දැරීමත් ඉදිරියේදි සිදු වීමට නියමිතය.

අද පෙරවරුවේ පාර්ලිමේන්තුව රැස් වූ මොහොතේම තමන් ස්වාධීන වන බවට ප්‍රකාශ කිරීමට සිටි ශ්‍රිලනීප මන්ත්‍රීවරු තිදෙනෙකු නිවාස අඩස්සියේ තබා ගනිමින් එය වැලැක්වීමට රාජපක්ෂවරු කටයුතු කර තිබිණි.

එහෙත් මේ වන විට ජනාධිපතිවරයා සහ කතානායකවරයා අතර වූ සාකච්ඡාවේ ප්‍රතිපලයක් ලෙස කුමන්ත්‍රණ ආණ්ඩුවේ ආයුෂ හෙට දිනයේදී අවසන් වෙනු ඇත.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us