මහින්ද ආපු ගමන් ආර්ථිකය, විජ්ජාවෙන් හරි ගොඩදානවා කිව්වා, දැන් ගොඩ ද.?- චම්පික රණවක

Published in පුවත්
Thursday, 29 November 2018 18:26

මතයක් තිබුණ, මහින්ද මහත්තයා ආපු ගමන් ආර්ථිකය විජ්ජාවෙන් වගේ ගොඩ යනවා කියලා. දැන් හම්බන්තොට වරාය ජනසතු කරාද අප්පච්චි? හම්බන්තොට වරාය දැන් ජනසතු කරලද අප්පච්චි? කියල අපි අහනවා.

ඒ වගේම 2001 ජූනි මාසෙදි පී.බී. ජයසුන්දර චීනෙ ගියා. චීනෙට ගිහිල්ල, හම්බන්තොට වරාය, පුත්තලම බලාගාරය, මත්තල ගුවන්තොටුපල, කොළඹ දකුණු වරාය චීනෙට දෙන්න එදා ජයසුන්දර කතා කළා. ඉන්දියාවට ගිහිල්ලා, ත්‍රිකුණාමලේ තෙල් නිධි ටික දෙන්න කතා කළා. ඒවා නැහැයි කියන්න මහින්දට බැහැ.

 ජාතික හෙළ උරුමයේ මහලේකම් පාඨලී චම්පික රණවක මෙම අදහස් පළකළේ කළුතර පැවතී යුක්තියේ ජනහඬ ජන හමුවේ දීය.

මම පුත්තලම බලාගාරය දෙනවට විරුද්ධව තමයි මහින්දට එරෙහිව සටන ආරම්භ කරලා එළියට බැස්සේ. මම නොහිටිය නම් මෙලහට ඒ බලාගාරෙත් මහින්ද එදා විදේශිකයන්ට ලබා දීලා. ඔහොමයි අප්පච්චි ජාතික සම්පත් පිටරටවල් වලට විකුණන්න හැදුවේ.

දැන් සිංගප්පූරු ගිවිසුම බන්දුල අවලංගු කරලද? සිංගප්පූරු ගිවිසුම අවලංගු කරනව කියල කිව්වා..දැන් අවලංගු කරලද? දැන් රුපියල නැගලද? මිත්‍රවරුණි ආර්ථිකය සම්පූර්ණයෙන්ම ඉවරයි. ආයෝජන ඔක්කොම ආපහු ගිහිල්ලා.

අපි මේ කලුතර නගරයේ ආඩම්බර විදිහට, බස් නැවතුම, ඒ වගේම මේ එහාපැත්තෙ තියෙන නීතිඥ සංකීර්ණය, කඩ සාප්පු සංකීර්ණය, අපේ ආණ්ඩුවෙන් අපි ඔබ තුමාලට හදලා දුන්නා. ඒවා මේ රට ණය කරලා කරපුව නෙවෙයි. මේ රට ශක්තිමත් කරලා අපි කලුතරට කරලා දුන්නේ. මේ රටේ ආයෝජන ටික ආපහු යනවා. මේ රටේ ණය වලට පොලිය ඩබල් වෙලා තියෙනවා. මේ රාජපක්‍ෂගේ, සිරිසේනගේ කුමන්ත්‍රණය නිසා ලබන අවුරුද්දේ මේ අපි තමුන්නාන්සේලා ඔක්කොටොම රුපියල් තිස් දාහක වැය බරක් පැණවිලා තියෙනවා. මේ ආර්ථිකය වනසපු එකේ ප්‍රතිඵලයක් හැටියට" යැයි පැවසීය.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us