වහලුන්ට එකයි.. සුද්දට එකයි.. මහින්දගෙන් නිවේදන 2යි.

Published in පුවත්
Monday, 03 December 2018 21:23

අද අභියාචණාධිකරණය ලබා දුන් අතුරු තහනම් නියෝගය පිළිගන්නෙ නැති බව කියමින් මහින්ද රාජපක්ෂ සිංහල හා ඉංග්‍රීසි භාෂාවන්ගෙන් නිකුත් කළ නිවේදන දෙක අනුව මහින්දගේ ජාතිවාදී තක්කඩි දේශපාලනය හෙළිදරව් වේ.

' මව්බිමට ඇති ආදරය ද නීතියට ඇති ගෞරවය ද දේශප්‍රේමී දේශපාලනයට ඇති අවංකභාවයද.......' යනාදි වශයෙන් කරන අඳෝනාව ඉංග්‍රීසි පිටපතේ නොමැති වූවද මහින්ද රාජපක්ෂගේ නඩය සිංහල පිටපතට එය අමුතුවෙන් ඇතුලත්කර තිබේ.

තමන්ගේ වහල් පාක්ෂිකයා සංතර්පණය කිරීම වෙනුවෙන් මේ තක්කඩි වෙනස සිදු කළ බවට සැකයක් නැත.

තවමත් ජාතිවාදී ආගම්වාදී ගෝත්‍රික වුවමනාවන් ඉදිරියට දමාගෙන දේශපාලනය කරන රාජපක්ෂ කල්ලිය. බල ලෝබයෙන් මත්ව, කවර විලි ලැජ්ජාවක් වූවද තනතුරු අත් හැරීමට සූදානම් නැති බවත් මේ නිවේදනයෙන් පැහැදිලි වේ.

ශීලාචාර අවංක සාධාරණ යුක්ති සහගත දේශපාලකයෙකු නම් මේ තනතරු හොර පාරෙන් බාරගන්නේ නැත.. යන්තම් හරි ඒ ගුණාංග පිහිටා තිබුනා නම් මෙලහකටත් රටත් ජනතාවත් තව දුරටත් අර්බුධයට නොයවා තනතුරු ඉවලා යෑම සිදු විය යුතුව තිබිණි.

එහෙත් බලයට ඇති මළ පෙරේතකම සියල්ලට වඩා ප්‍රබලය. මළාට බලය අත් හරින්නේ නැත. මරලා හෝ බලය අල්වා ගැනීම රාජපක්ෂපාගේ පරම පවිත්‍ර චේතනාව වී තිබේ.

47422979 352111318887226 3849559731202949120 n47494693 322009665109087 5103090724459511808 n

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us