ශ්‍රී ලංකාව හරිත රටක් බවට පත් කිරීම සඳහා හඳුනා ගෙන ඇති ප්‍රමුඛතා ක්‍රමවත් ලෙස හා තිරසර ලෙස ඉටු කිරීමට “හරිත කෘෂිකර්ම ක්‍රියාන්විත මධ්‍යස්ථානයක්” පිහිටුවීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ තීරණය කර තිබෙන බව ඊයේ වාර්ථා විය.

වාරි සෞභාග්‍යයා වැඩසටහන යටතේ වව්නියාවේ වැව් 100ක ප්‍රතිසංස්කරණ කටයුතු මේ වන විට අවසන් වෙමින් පවතිනවා.

කර්මාන්ත අමාත්‍යාංශය සහ එක්සත් ජාතීන්ගේ කාර්මික සංවර්ධන සංවිධානය (UNIDO) අතර ශ්‍රී ලංකාවේ තිරසර කාර්මික සංවර්ධනය සදහා වන ඒකාබද්ධ යෝජනාවලියට අත්සත් තබා තිබෙනවා.

ශ්‍රී ලංකාව තුළ කාති උසවිත්, බාලවයස්කාර මුස්ලිම් විවාහත් තහනම් කරන බව අධිකරණ අමාත්‍ය අලි සබ්‍රි ප්‍රකාශ කරයි. අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර ඇත්තේ දිවයින පුවත්පතහි පැවැති සම්මුඛ සාකච්ජාවකට එක් වෙමිනි.

මේ වසරේ මෙරටට පැමිණි විදේශීය සංචාරකයින්ගේ සංඛ්‍යාව ලක්ෂය ඉක්මවා තිබේ. නොවැම්බර් පළමු වනදා සිට පසුගිය 28 වනදා දක්වා සංචාරකයින් 41,177 දෙනෙකු මෙරටට පැමිණ ඇති බව සංචාරක අමාත්‍යංශය සදහන් කරයි.

ඊයෙ පෙරේදා තිරිඟු පිටි මිළ ඉහළ දැමීමක් සිදු කර තිබේ. ඒ අනුව පාන් සහ පිටි ආශ්‍රිත කෑම වර්ගවලද මිළ ඉහළ දැමීමට එම නිශ්පාදකයන් කටයුතු කර තිබේ. තිරිඟු පිටි නැතිනම් පාන් පිටි මිළ ඉහළ යාම සෘජුව පාලනය කිරීමට ශ්‍රී ලංකාව වැනි රටකට සිදු කළ නොහැක. ඒ තිරිඟු වගාවක් මේ රටේ සිදු නොවන බැවින් එම පිටි විදේශයන්ගෙන් ගෙන්වීමට සිදුව තිබෙන නිසාය. ඒ අනුව ලෝක වෙළඳපොළේ තිරිඟු පිට ඉහළ පහළ යන වාරයක් පාසා මෙරට තිරිගු පිටි මිළ ඉහළ පහළ යයි. එය සාමාන්‍ය තත්වයකි.

පූර්ණ එන්නත්කරණයට ලක්වූවන් පවා ඕනෑම වෛරස් ප‍්‍රභේදයකින් මිය යා හැකි බැවින් කළ යුතුව ඇත්තේ ශීඝ‍්‍රයෙන් පැතිරයන ඔමික්‍රෝන් නමැති නව ප‍්‍රභේදය රට තුළට ඒම වළක්වාලීම හා එය එකිනෙකා අතර පැතිර යෑම නතර කිරීම පමණකැයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා දිවයින පුවත්පතට පවසා තිබෙනවා.

ගෝලීය ආර්ථික අභියෝග ජය ගනිමින් රට සමෘද්ධිය කරා ගෙන යාමට ඉදිරියේදී ද ජනප්‍රිය නො වන තීන්දු තීරණ රැසකට එළැඹීමට සිදු වනු ඇතැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කර තිබේ.

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us