අයවැයෙන් සහන රැසක්

Published in පුවත්
Thursday, 29 January 2015 15:40

පොරොන්දු වූ පරිදි රාජ්‍ය සේවක වැටුප ලබන මාසයේ සිට රුපියල් 5000කින්ද ඉතිරි රුපියල් 5000 ලබන ජූනි මාසයේ සිට ද වැඩිකරන බව මුදල් ඇමති රවී කරුණානායක මහතා නව අතුරු අය වැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් පැවසුවේය.

ජනාධිපති ලේකම් කාර්යාලයයේ වියදම 2015 වසරට රුපියල් කෝටි නව දහස් ගණනක් ලෙස ඇස්තමේන්තු ගත කර තිබුණ ද, ජනපති නියමයෙන් එම මුදල රුපියල් කෝටි 256 දක්වා අඩු කර ඇතැයි මුදල් ඇමැති රවී කරුණානායක මහතා පැවසුවේය.

ඉරාන – ලංකා ඒකාබද්ධ ව්‍යාපෘතියක් ලෙස ක‍්‍රියාත්මක වන උමා ඔය ව්‍යාපෘතිය වහාම අත්හිටුවන්නැයි ඌව පළාත් ප‍්‍රධාන අමාත්‍ය හරීන් ප‍්‍රනාන්දු මහතා රජයෙන් ඉල්ලීමක් කරයි.

රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස වෛද්‍ය  සයුරු සමරසුන්දර මහතා අද දින ආයතන පරිශ්‍රයේදී වැඩ බාර ගනු ලැබුවා.

ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයට තමා කොළඹ දිස්ත්‍රික්කයෙන් තරඟ කරන බව ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයෙන් නායක ජෙනරල් සරත් ෆොන්සේකා මහතා පවසයි.

ලංකා විදුලි පෞද්ගලික සමාගමේ නව සභාපතිවරයා ලෙස බන්දුල චන්ද්‍රසේකර මහතා පත්ව සිටී. කොළඹ රාජකීය විදුහලේ අධ්‍යාපනය ලද ඒ මහතා ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යා පිළිබඳ උපාධිධාරියෙකි.

පසුගිය වසර දෙකේදී තමන්ට පදනම් විරහිත චෝදනා ඉදිරිපත් වූ බවත් අධිකරණයේ ස්වාධීනත්වය වෙනුවෙන් වසර දෙකක් අරගල කළ බවත් අගවිනිසුරු ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක මහත්මිය පැවැසුවාය.

බෙහෙත් විසවීම් ඇතුළු නිවසේදී වස විසට ගොදුරු වන්නන් ගේ සංඛ්‍යාව ඉහළ යමින් පවතින බව ජාතික රෝහලේ විස තොරතුරු මධ්‍යස්ථානයේ ප‍්‍රධානී කායික රෝග විශේෂඥ වෛද්‍ය වරුණ ගුණතිලක මහතා පැවසුවේය.

ld add copy

Connet With Us