මහින්ද රාජපක්ෂගේ වැඩි මහල් පුතු නීතිඥ නාමල් රාජපක්ෂ විසින් සිය නීතිඥ වෘත්තිය යොදා ගනිමින් ඉතා අසාධාරණ ලෙස රජයේ හා රාජ්‍යහා සම්බන්ධිත ආයටහ වලින් මුදල් ගසා ඇති බවට එල්ල වෙ ඇති චෝදනා සම්බන්ධයෙන් විමර්ශනයක් කිරීමට නීතිඥ කණ්ඩායමක් සූදානම් වේ.

ප්‍රවීන නිර්මාණකරුවකු සහ ගුරුවරයකු වන උපුල් ශාන්ත සන්නස්ගල මහතා, ජාතික චිත්‍රපට සංස්ථාවේ සභාපතිවරයා ලෙස පත්කර ඇත.

අපේ පෙර‍ටුගාමී මාධ්‍ය සගයකු වූ ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදහන් කොට වසර 5 කි. මේ වසර 5 තුල ඔහුව සොයා ගැනුම වෙනුවෙන් වෙහෙසවූවෝ අපමණය.

ජාතික බුද්ධි කාර්යාංශය (NIB)ප්‍රධානී මේජර් ජෙනරාල් කපිල හෙන්දාවිතාරණ මහතා සිය තනතුරින් ඉල්ලා අස්වී තිබේ.ඒ අනුව මේ දක්වා ජාතික බුද්ධි ප්‍රධානී තනතුරට කිසිවකුත් පත් කර නැති බව රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරයි.

ජනාධිපතිවරණයේ ප්‍රතිඵළ නිකුත් වෙමින් තිබුණු ජනවාරී 09 වන දිනයේ පාන්දර විශේෂ හමුදා සහ පොලිස් ක්‍රියාන්විතයක් සුදානම් කර පැවැති බවට හෙළිවන ලියැවිල්ලක් ලංකා ඩේලි වෙත ලැබී තිබේ.

ඉදිරි මහ මැතිවරණය සඳහා කිසිදු ප්‍රධාන පක්ෂයකින් නාම යෝජනා ලබා ගැනීමට නොහැකිව සිටින දේශපාලන අනාථයන් එකතු කොට නව දේශපාලන සන්ධානයක් ගොඩනැගිමේ උත්සහයක විමල් වීරවංශ ඇතුළු කණ්ඩායමක් උත්සහ කරමින් සිටින බව වාර්තාවේ.

ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස නීතීඥ නන්ද මුරුත්තෙට්ටුවේගම මහතා පත් කර තිබේ.

අැමරිකාවෙන් ආනයනය කරන ලද බැක්ටීරියා ආසාධිත ඇපල් වෙළෙඳපොළෙන් ඉවත් කිරීම සඳහා අද සිට මෙහෙයුම් ආරම්භ කළ බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු පවසති.

ld add copy

Connet With Us