දේශපාලන ගැත්තෙකු බවට ලේක්හවුස් ආයතනය පත් වන්නේ නම් ඊට එරෙහිව අරගල කරන බවත් ජය ගත නොහැකි නම් අස්වීමේ ලිපිය තබා ‘ගෙදර යන’ බවත් ලේක්හවුසියේ නව කර්තෘ මණ්ඩල අධ්‍යක්‍ෂ පවසයි.

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව ඊයේ රාත‍්‍රියේ රැස් වී ඇති අතර  මෙතෙක් පුරප්පාඩු වී තිබූ තනතුරු 4කට එහිදී නව නිලධාරීන් පත්කෙරුණු බව හිටපු අමාත්‍ය මහින්ද යාපා අබේවර්ධන මහතා  පවසයි.
මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ පරාජයත් සමග රහසේම විදේශ ගතව සිටි හිටපු භාණ්ඩාගාර ලේකම් ආචාර්ය පී. බී. ජයසුන්දර පසුගිය 20 වෙනි දින සංචාරක මණ්ඩලයට අයත් හෝටල් පාසලේ රහසිගත රැස්වීමකට සහභාගී වූ බව වාර්තාවේ.

පසුගිය පාලන සමයේ විදුහල්පතිවරුන්ට ලබාදුන් කර්නල් තනතුරු අහෝසි කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර අැත.

එළඹෙන පාර්ලිමේන්තු මහ මැතිවරණය ආසන ක්‍රමයේ හා සමානුපාතික ක්‍රමයේ සම්මිශ්‍රණ මැතිවරණයක් ලෙස පැවැත්වෙන බව සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය හා කැබිනට් ප්‍රකාශක වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පැවැසීය.

ඉදිරියේදී පැවැත්වීමට නියමිත මහ මැතිවරණයේදී කිසිදු පක්ෂයක් සමඟ සන්ධාන ගත නොවී සීනුව ලකුණෙන් තනිව තරග කිරීමට ජනතා විමුක්ති පෙරමුණ තීරණය කර ඇත.

වැලිකඩ බන්ධනාගාර රැඳවියන් හා විශේෂ කාර්ය බළකාය අතර 2012 නොවැම්බර් මස 09 වැනිදා ඇති වූ ගැටුම පිළිබඳව නිසි විමර්ශනයක්‌ සිදුකර මියගිය හා වින්දිතයන් බවට පත් වූ අයට සාධාරණයක්‌ ඉටුකිරීම සඳහා අධිකරණ හා කම්කරු සබඳතා ඇමැති විජයදාස රාජපක්‍ෂ මහතා විසින් ත්‍රිපුද්ගල කමිටුවක්‌ ඊයේ (23 දා) පත්කර තිබේ.

හිටපු තැපැල් සේවා නියෝජ්‍ය ඇමැති සනත් ජයසූරිය මහතාට සහ ඔහුගේ පෞද්ගලික කාර්ය මණ්‌ඩලයට රජය මගින් ලබාදී තිබූ නිල වාහන හතෙන් හතරක්‌ ඊයේ (23 දා) දහවල් වනවිටත් තැපැල් සේවා අමාත්‍යාංශය වෙත නැවත භාරදී නොතිබුණ බව තැපැල් සේවා අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක්‌ ඊයේ (23 දා) පැවසීය.

ld add copy

Connet With Us