එක්සත්  රාජධානියේ  ආරක්ෂක  අමාත්‍යාංශය  විසින්    චීනයේ  සහ  රුසියාවේ  රාජකාරියේ  යෙදී  සිටින   රාජතාන්ත්‍රික  නිලධාරීන්ට  ලිංගික  ක්‍රියාවන්හි  යෙදීම  සඳහා  තහනමක්  පනවා  ඇත.

නොවැම්බර් 8 වන දින කලැත්තෑව හමුදා කදවුරේ හමුදා පුහුණුව ලබමින් සිටි සරසවි සිසුවියක් පුහුණුව ලබමින් සිටි අතර තුර ආබාධයට ලක්ව අනුරාධපුර මහා රෝහලට ඇතුලත් කර තිබේ.

ජනාධිපතිතුමා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් කළ මත විමසීමට කරුණු දැක්‌වීම සඳහා ඉඩ ප්‍රස්‌ථාව ලබා නොදී රහසිගතව සිදුකිරීම සම්බන්ධයෙන් කනගාටුව හා කනස්‌සල්ල ප්‍රකාශ කරන බව ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ ලේකම් නීතිඥ අජිත් පතිරණ මහතා පවසයි.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ  එච්.අයි.වී. ඒඩ්ස් මර්දන වැඩසටහන මගින් එච්.අයි.වී. ඒඩ්ස් වෛරසය ශරීරගත වී තිබෙන පුද්ගලයින්ට ජීවිත රක්ෂණ ආවරණයක් ලබා දීමට  තීරණය කර ඇත.

බෝගම්බර බන්ධනාගාරයේ අතුරුදන් වු දැව සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහය ලබාගැනීමට බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යංශය තීරණය කර අැත.

පාර්ලිමේන්තු මන්ත්‍රි අතුරලියේ රතන හිමියන්ගේ ආරක්ෂාවට යොදවා සිටි සිටි ග‍්‍රාමාරක්‍ෂකයින්ව හමුදා සෙබළුන් පිරිසක් බලහත්කාරයෙන් වාහනයකට නංවා ගෙන ගොස් ඇති බව වාර්තාවේ.

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට තෙවරක් ජනාධිපතිවරණයට පෙනී සිටීමට නීතිමය වශයෙන් බාධාවක් ඇත්ද යන්න පිළිබඳ වන ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව අරලියගහ මන්දිරයට ලැබී ඇති බව ජනාධිපති මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.

කැෆේ සංවිධානය සහ ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය එක්ව සංවිධානය කරනු ලබන ජාතික හැදුණුම්පත් ලබා දීමේ ජංගම සේවාවක් අද 2014 නොවැම්බර් 11 දින ඌව පරණගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දී පැවැත්වේ.

ld add copy

Connet With Us