ශ්‍රී ලංකාවේ නව දේශපාලන නායකත්වය සමඟ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සාකච්ඡා ආරම්භ කිරීමට සූදානම් වෙමින් සිටින අතරම, රටේ අවදානම් සහගත ආර්ථික යථා තත්වයට පත්කර ගැනීමට සහාය වීම සඳහා විදේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ගිවිසුම් කඩිනම් කරමින් වත්මන් මූල්‍ය වැඩසටහන ඉදිරියට ගෙන යාමට ද සූදානම් වේ.

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය යළි නොපවත්වා ගැටලුකාරී ප්‍රශ්න තුනටම සියලු දරුවන්ට ලකුණු ලබාදීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ.

රාජ්‍ය ආයතනවලට අයත් වාහනවලට රාජ්‍ය ලාංඡනය යොදා එම අමාත්‍යාංශයේ, දෙපාර්තමේන්තුවේ හෝ ආයතනයේ නම යෙදවීමට අදාළ චක්‍රලේඛය යළි බලාත්මක කිරීමට රජය අවධානය යොමුකර තිබේ.

මේ වනවිට කල් දමා ඇති පළාත් පාලන මැතිවරණය, මහ මැතිවරණය හමාර වූ සැණින් පැවැත්වීමට නියමිත බව මැතිවරණ කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් සමන් ශ්‍රී රත්නායක පැවසීය.

පාර්ලිමේන්තු මැතිවරණය සඳහා තැපැල් ඡන්ද අයදුම්පත් භාරගැනීම ඔක්තෝබර් මස 01 වැනිදා සිට 08 දා දක්වා සිදුකිරීමට නියමිතයි.

2023 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කර තිබේ.

දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (29) සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට මැතිවරණ කොමිසම අද(28) රැස්වෙයි.

ld add copy

Connet With Us