ලේක් හවුස් ආයතනයේ සන්ඩේ ඔබ්සවර් ඉංග්‍රීසි පවත්පතෙහි ක්‍රීඩා කතෘ කැලිස්ටස් ඩේවි මහතා ලේක් හවුස් සභාපතිවරයාගේ පක්ෂග්‍රාහී ලෙස දූෂිතයන් ආරක්ෂා කිරීමේ පිළිවෙතට විරෝධය පා ඉල්ලා අස් වී තිබේ.

දිවයින පුරා සිදුවූ විදුලිය බිඳවැටීම සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ද සිය X ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශයක් සිදුකර තිබේ.

හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ වාර්ෂික නවම් මහා පෙරහැර හේතුවෙන් මාර්ග අවහිරතාවයක් සිදුවනු ඇතැයි පොලීසිය නිවේදනය කරයි.

අද (11) දිනයේත් දිවයින පුරා මිනිත්තු 90ක කාලයක් විදුලි කප්පාදුවක් සිදුකිරීමට නියමිතව තිබේ.

අද (11) දිනයේ දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Booking.com වෙබ් අඩවියට අනුව 2025 වසරේ ලොව වැඩිම පිළිගැනීමට ලක්වූ නගර අතර පෙරමුණ ගැනීමට සීගිරිය සමත්ව තිබේ.

ස්ථාන මාරු මණ්ඩලය මෙතෙක් නොපැවැත්වීම හේතුවෙන් ස්ථාන මාරු ඉල්ලුම් කරන ලද හෙද හෙදියන් 4,000 කට අධික පිරිසක් දැඩි අපහසුතාවට පත්ව සිටින බව රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය පැවැසීය.

නඩු විභාගය සඳහා අධිකරණයේ පෙනී නොසිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්ර මහත්මිය අත්‌ අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත්‌ කරන්නැයි නිකුත්‌ කළ වරෙන්තුව ආපසුකැඳවීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්‌ තනුජා ලක්මාලි මහත්මිය අද(10) නියෝග කළාය.

ld add copy

Connet With Us