කිසිදු ප්‍රශ්නයක් නොමැතිව දේශපාලනය අත්හැරීමට තමන් සූදානම් බව හිටපු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.

2024 සැප්තැම්බර් 24 දින සිට ක්‍රියාත්මක වන පරිදි දුමින්ද හුලංගමුව මහතා සහ මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා ජනාධිපතිවරයාගේ, ආර්ථික කටයුතු හා මුදල් - ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශකවරුන් ලෙස ගරු සේවා පදනම මත පත් කර තිබේ.

ශිෂ්‍යත්ව විභාගයේ උත්තර පත්‍ර පරීක්ෂාව නතර කරන බවට, ජනාධිපතිවරයා දැනුම්දුන් බව ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පත්‍ර ගැටලුව වෙනුවෙන් හඬ නැගූ මව්පියෝ පැවසූහ.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප සහ තීරු බදු රහිත වාහන බලපත්‍ර අහෝසි කිරීමට
ඇති හැකියාව පිළිබඳව සොයා බලා නිර්දේශ ඉදිරිපත්‌ කිරීමට කමිටුවක්‌ පත්‌ කිරීමට තීරණය
කර ඇතැයි වාර්තා වේ.

අද (01) දහවල් වන විට නව බස් ගාස්තු ප්‍රකාශයට පත්කිරීමට අපේක්ෂා කරන බව, ජාතික ගමනාගමන කොමිසම ප්‍රකාශ කළේ ය.

වයස අවුරදු 12 ට අඩු ළමුන්ට අද(01) දිවයිනේ සියලු සත්වෝද්‍යාන නොමිලේ නැරඹීමට අවස්ථාව හිමි වෙයි.

ඊශ්‍රායලය මීට පැය කිහිපයකට පෙර නිල වශයෙන් ලෙබනනයේ ගොඩබිම් ප්‍රහාරයක් දියත් කළේ ය.

මහ මැතිවරණය සඳහා තැපැල් ඡන්ද අයදුම්පත් භාරගැනීම අද (01) සිට ආරම්භ වෙයි.

ld add copy

Connet With Us