ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් පුද්ගලික අංශයට පවත්වාගෙන යාමට ලබාදී තිබෙන ඉන්ධනහල්වලින් බද්දක් අය කිරීමට ගත් තීරණය වසර 18 ක පමණ කාලයක් තිස්සේ ක්‍රියාත්මක නොකිරීම හේතුවෙන් සංස්ථාවට අහිමිවූ අදායම රුපියල් කෝටි 30,000 කට අධික බව අනාවරණය වේ.

මහ කන්නයේ වී ගොවීන් සඳහා රුපියල් 25,000ක දීමනාවක් හා ධීවර ප‍්‍රජාවට ඉන්ධන සහනාධාරයක් ලබා දීමට ජනාධිපතිවරයා ගත් තීරණය මැතිවරණ කොමිසම විසින් අත්හිටුවනු ලැබ ඇත.

පානදුර පල්ලියමුල්ල ප්‍රදේශයේ දී පොලීසිය සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබේ.

මාසිකව සිදුවන ඉන්ධන මිල සංශෝධනය අද මධ්‍යම රාත්‍රියේ සිදු කිරීමට නියමිතව තිබෙනවා.

දිවයිනට නිරිත දෙසින් වන මුහුදු ප්‍රදේශයේ ධීවර හා නාවික කටයුතුවල නිරතවීමේදී දැඩි ලෙස විමසිලිමත්වන්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දී තිබේ.

කොත්තු, ෆ්‍රයිඩ් රයිස් ඇතුළු බිත්තර යොදාගෙන සකස් කරන ආහාරවල මිල ගණන් ඊයේ (29) මධ්‍යම රාත්‍රියේ සිට අඩුකිරීමට සමස්ත ලංකා ආපනශාලා සහ අවන්හල් හිමියන්ගේ සංගමය තීරණය කර තිබේ.

ආදායම් බදු ගෙවිය යුතු සෑම අයෙකු විසින්ම 2023/2024 තක්සේරු වර්ෂය සඳහා ගෙවිය යුතු සියලු ම ආදායම් බදු මුදල් අද (30) දිනයේ දී ගෙවා අවසන් කළ යුතු බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව දැනුම් දී තිබේ.

දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ld add copy

Connet With Us