නායයාමට ලක් වූ බදුල්ල,හල්දුම්මුල්ල, මීරියබැද්ද ගම්මානයේ ලයින් කාමරවල සිටි පුද්ගලයන් දෙදෙනෙකුගේ සිරුරු මේ වනවිට සොයා ගෙන ඇත.

දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලවල සහ ග්‍රාම නිලධාරී කාර්යාලවල ප්‍රදර්ශනයට තබා ඇති 2015 ඡන්ද හිමි නාමලේඛන කෙටුම්පතට තම නම ඇතුළත්ව නොමැති නම් ග්‍රමා නිලධාරීවරයාට හෝ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලය වෙත දැනුම් දෙන ෙලස මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා ප්‍රකාශ කළේය.
සේවා ගැටලු 3 ක්‌ මුල් කර ගෙන රජයේ රෝහල් විකිරණ ශිල්පීන් (රජයේ විකිරණ විද්‍යා තාක්‌ෂණවේදීන්) හෙට (30 දා) දීප ව්‍යාප්ත එක්‌ දින සංකේත වැඩ වර්ජනයක නිරත වන බව රජයේ විකිරණ විද්‍යා තාක්‌ෂණවේදීන්ගේ සංගමය පවසයි.
මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කළ 2015 අයවැයෙන් වෘත්තීයමය සුදුසුකම් සහිත රාජ්‍ය නිලධාරින් සඳහා ගෙවීමට යෝජනා කර ඇති රු. 15000/= ක දීමනාව එවැනි සුදුසුකම් සහිත සියලු රාජ්‍ය නිලධාරින්ට ගෙවිය යුතු බවට ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කරයි.

තමනට සමෘද්ධිය නොලැබීම නිසා වේදනාවට පත් කාන්තාවක් ඇගේ වයස අවුරුදු දෙකක පමණ දරුවා ද සමග වේයන්ගොඩ දුම්රිය ස්ථානය ආසන්නයේදී දුම්රියට පැන දිවි නසා ගැනීමට උත්සාහ කර තිබේ.

යුද්ධය ජය ගැනීම සඳහා දිවි හිමියෙන් කටයුතු කලේ සරත් ෆොන්සේකා මහතා බවත් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ බලයට පත්වූ දා සිට ජනතාව වෙනුවෙන් කිසිදු සේවයක් නොකල බවත් එජාප නායක රනිල් වික‍්‍රමසිංහ මහතා පවසයි.

රනිල් වික‍්‍රමසිංහ මහතා ඉදිරි ජනාධිපතිවරණයේ දී එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයා ලෙස තරග කිරීමට තීන්දු කර ඇති බවත්, එක්සත් ජාතික පක්ෂ නායකයා ජනාධිපති ධුරයට පත් කිරීම සදහා ඕනෑම කැප කිරීමකට තමන් සූදානම් බවත් එම පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් පේ‍්‍රමදාස මහතා අවධාරණය කර සිටියි.

ලබන වසරේ ජනවාරි මස අනිවාර්යයෙන්ම ජනාධිපතිවරණය පැවැත්වෙන බව අග්‍රාමාත්‍ය දි.මු. ජයරත්න මහතා පවසයි.

ld add copy

Latest News

වැඩි වූ ගුරු වැටුප ගිණුම්ගත කෙරේ

වැඩි වූ ගුරු වැටුප ගිණුම්ගත කෙරේ

2025 අයවැය යෝජනා අනුව මෙම වසරේ 01 දින සිට වැඩි වූ ගුරු වැටුප අද (20) දිනයේදී ගිණුම් ගත කළ බව අධ්‍යාප...

Connet With Us