හොඳ පොලිස් සේවයක් ලබා දීමට හැකිවන්නේ රාජ්‍ය තන්ත්‍රයත් පොලිසියත් මහජනතාවත් ශක්තිමත්වූ විට පමණක් යැයි නීතිය හා සාමය පිළිබද අමාත්‍යාංශයේ නව ලේකම් ලෙස වැඩ භාරගනිමින් ආචාර්ය මහින්ද බාලසූරිය මහතා ඊයේ(21) සදහන් කළේය.

69 වැනි එක්සත් ජාතීන්ගේ දිනය කොළඹ 07 එක්සත් ජාතීන්ගේ පරිශ්‍රයේ දී පැවැත්වේ.

ධීවර සංවිධාන ඒකමුතුව සංවිධානය පසුගිය 20 දින ධීවර අමාත්‍යාංශය ඉදිරිපිට උද්ඝෝෂණයක නිරතවුනි. ඒ මුහුදු තීරය විදේශිකයන්ට බදු දීම හා ඒම විදේශික නැව් මගින් අල්ලනු ලබන මසුන් දේශීයහා විෙද්ශීය වෙළද පොළට මුදාහැරීමට එරෙහි වීමටය.

තමා විදේශ අමාත්‍ය පදවිය දැරූ සමයේ දියත් කළ රාජ්‍යතාන්ත්‍රික උත්සාහයේ ප්‍රතිඵලයක් ලෙසින් එල්ටීටීඊ ය තහනම් කෙරුණු බව පවසන මංගල සමරවීර මන්ත්‍රීවරයා, එම තහනම ඉවත් කිරීමේ වාසිය හිමිවන්නේත් ආණ්ඩුවේම හිතවතුන්ට බවට චෝදනා කරයි.

ජිනීවාහී ශ‍්‍රී ලංකා නිත්‍ය නියෝජිතවරියක වු, විදේශ කටයුතු අමාත්‍යාංශයේ  වත්මන් ලේකම් ක්ශෙනුකා සෙනවිරත්න එල්.ටී.ටී.ඊ සංවිධානයට සම්බන්ධ සාමාගමක හිමිකරුවෙකුට සිය නිළ නිවස අලූත්වැඩියා කිරීමට කොන්ත‍්‍රාත්තුවක් ලබාදුන් බවට එල්ල වන චෝදනා රජය ප‍්‍රතික්ෂේප කරයි.

'පන්දම' ඡන්ද ලකුණ සහිත සරත් ෆොන්සේකා මහතාගේ නායකත්වයෙන් යුතු ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්‍ෂය එළැඹෙන ජනාධිපතිවරණයට සඳහා තරඟ නොකිරීමට තීරණය කර ඇතැයි වාර්තා වෙයි.

ආණ්ඩුවේ පාර්ශව කරුවෙක් වන ජාතික හෙළ උරුමය හා ජනාධිපතිවරයා අතර සාකච්ඡා බිඳවැටී ඇතැයි ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචිමාර්ග වලින් වාර්තා වේ.

ඉන්දියා ජාතික පාපන්දු කී‍්‍රඩකයෙකු  ලකුණක් ලබා ගැනීමේ සතුට සැමරීමට කරණමක් ගසා කරණම වැරදී හිස පොළවේ වැදී සුසුම්නාවට සිදුවූ ආබාධයන් නිසාවෙන් අවසන් ගමන් ගියේය.

ld add copy

Connet With Us