වත්මනේ රටේ බහුතරය කාන්තාවන් වුවත් එම කාන්තාවන්ට රටේ ව්‍යවස්තාවට අනුව නීතියෙන් ලැබිය යුතු සමාන අයිතිවාසිකම් ලබා දීමට රජය ක්‍රියා නොකරන බව විපක්ෂ නායක  රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

මහින්ද රාජපක්ෂගේ ජනාධිපතිවරණ ප්‍රචාරක පෝස්ටරයක් ඊයේ රාත්‍රියේදී රට පුරා ඇලවීමට කටයුතු කර ඇති අතර එහිදී ශ්‍රී ජයවර්ධන පුර කොට්ටේ ජුබිලිකණුව නමින් හැඳින්වෙන මංසන්දියේ පිහි‍ටුවා ඇති ඓතිහාසික ස්මාරකයකද එම පොස්ටර් අලවා ඇත.

ජනාධිපති මහින්ද රාජපක්ෂගේ වැඩි මහල් පුතු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂගේ  ෆේස් බුක්  මිතුරු පි‍ටුවට කැමැත්ත ප්‍රකාශ කිරීම ලක්ෂ 5 ඉක්මවා ගොස් තිබේ. ශ්‍රී ලංකාවේ දේශපාලනට සම්බන්ධ පුද්ගලයකුට ලැබුණු ඉහළම ප්‍රතිචාරය මෙය වන අතර එය වාර්තාවකි. වත්මනෙහි දෙවැනි තැන සිටින්නේ මහින්ද රාජපක්ෂ මහතාය. තෙවැනි තැන මෛත්‍රීපාල සිරිසේන මහතා හිමිකරගෙන සිටී.

තමන්කඩුව ප්‍රාදේශීය සභාවේ සභාපති ප්‍රේමසිරි මුණසිංහ, හිඟුරක්ගොඩ ප්‍රාදේශීය සභාවේ සභාපති සුසන්ත ඤාණරත්න මහතා ඇතුළු පොළොන්නරු දිස්ත්‍රික් ප්‍රාදේශීය සභා ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් 17 දෙනෙකු නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහය පළ කර තිබේ.

මෙතෙක් කි‍්‍රයාත්මක කළ ජනතාවාදී වැඩපිළිවෙල නව වසරේදී වඩාත් ශක්තිමත්ව පෙරට ගෙන යන බව ජනාධිපති මහින්ද රාජපක්ෂමහතා පවසයි. ඔහු මෙම අදහස් පළ කලේ ඊයේ පස්වරුවේ තංගල්ල නගරයේ පැවති ජනහමු කිහිපයකට එක්වෙමිනි.

ඊයේ (31) රාත්‍රියේ කතරගම දේවාලයට හදිසියේම ගිය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් විශේෂ දේව කන්නලව්වක් පවත්වා ඇති බව වාර්තා වේ.

2014 වසරේදී ෆේස්බුක් සමාජ ජාල වෙබ් අඩවිය සම්බන්ධයෙන් පැමිණිලි 2250 ක් තමන් වෙත වාර්තා වී ඇතැයි ශ‍්‍රී ලංකා පරිගණක හදිසි ප‍්‍රතිචාර සංසදය පවසයි.

පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ආනමඩුව නගරයේ රැලියකට සහභාගි වු පිරිසකට ප්‍රහාරයක් එල්ලවීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිසිය පරීක්ෂණ ආරම්භ කර ඇත.

ld add copy

Latest News

ඩෙංගු රෝගීන් 84,000 ඉක්මවයි

ඩෙංගු රෝගීන් 84,000 ඉක්මවයි

වසරේ මේ දක්වා වාර්තා වූ ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 84,000 ඉක්මවා ගොස් ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසය...

Connet With Us