වසර සියයකට වඩා පැරැණි බෝගම්බර බන්ධනාගාරයේ තිබෙන එල්ලුම් ගස දුම්බර ඉදිකැරෙන බන්ධනාගාර කෞතුකාගාරය වෙත රැගෙන යන බව බන්ධනාගාර ආරංචි මාර්ග පවසයි. බෝගම්බර බන්ධනාගාරයේ තිබූ ඓතිහාසික වටිනාකමක් ඇති භාණ්ඩ මේ වන විටත් දුම්බරට රැගෙන ගොස් ඇත.

මාතර - කතරගම දුම්රිය මාර්ගය මෙරට ප්‍රථම අධිවේගී දුම්රිය මාර්ග ලෙස ඉදිවේ.

ජනාධිපතිවරණය ජය ගැනීමට ඇති එකම මඟ පොදු අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීම බව දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රී සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් මහතා පවසයි.

ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ඇමරිකානු සංචාරයක නිරතව සිටින්නේ ප‍්‍රතිකාර ලබා ගැනීම සඳහා යයි පලවන මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් කැබිනට් ප‍්‍රකාශක ඇමති කෙහෙලිය රඹුක්වැල්ල අදහස් පල කරයි.

අතුරුදහන් වූවන්ගේ ජත්‍යන්තර දිනය සමරමින් මේ වනවිට වව්නියාව නගරයේ පැවැත්වෙන පෙළපාලියට රැළිය පැවැත්වෙන වවුනියාව නගරසභා ක්‍රීඩංගනය අසලදී පොලිසිය මාර්ග බාධක දමා එය වලක්වා තිබෙන අතර එම ස්ථානයේ මේ වනවිට නොසන්සුන් තාවයක් ඇති වී ඇත.

ගැබ්ගෙන ඇති කාන්තාවන් සිය දරුවා ප්‍රසූත කිරීමට ආසන්න කාලය වනතුරු සහ දරුවා ප්‍රසූත කිරීමෙන් අනතුරු ව කාලය තුළ ලබාගත් ඡායාරූප එකතුවක් ඉදිරිපත් කිරීමේ කලාත්මක ඡායාරූප දැක්මක් සිදු කර තිබේ.

ලෝක උඩුකය නිරුවත් දිනය නිමිත්තෙන් ලොව පුරා කාන්තාවන් විශාල පිරිසක් කාන්තා අයිතීන් වෙනුවෙන් උඩුකය නිරුවත් ව විදි  ඔස්සේ ගමන් කර තිබේ.

ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර මොනාර්කෝ ප්‍රදේශයේදී අභිරහස්‌ ලෙස මිය ගොස්‌ සිටි ශ්‍රී ලාංකික තරුණියකගේ මරණය සම්බන්ධයෙන් සිඩ්නි පොලිසිය පරීක්‍ෂණ පවත්වයි.

ld add copy

Connet With Us