ශ‍්‍රී ලංකාවේ ජනගහණයටත් වඩා වැඩි ප‍්‍රමාණයක් දැන් දුරකථන භාවිත කෙරෙන බව මුදල් නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතා පවසයි. සන්නිවේදනය එලෙස දියුණු වීමෙන් යහපත් ප‍්‍රතිඵල මෙන්ම ඇතැම් අයහපත් ප‍්‍රතිඵල ද තිබෙන බව ද අමාත්‍යවරයා කියා සිටියි.
ඉදිරි ජනාධිපතිවරණය හා අනෙකුත් මැතිවරණ ඉලක්ක කර ගනිමින් රාජ්‍ය මාධ්‍ය සහ පුද්ගලික මාධ්‍ය දේශපාලන වැඩසටහන් රජයේ අරමුණු ඉෂ්ඨ වෙන පරිදි මෙහෙයවා ගැනීමට ඩලස් අලහප්පෙරුම අමාත්‍යවරයාගේ හා ජනමාධ්‍ය අමාත්‍යාංශ ලේකම් චරිත හේරත්ගේ ප‍්‍රධානත්වයෙන් කමිටුවක් පත් කර ඇති බව වාර්තාවේ.
කොරියානු භාෂා ප්‍රවීණතා විභාගයෙන් 2012 හා 2013 වර්ෂවලදී සමත් වූ සිසුන්ට කොරියානු රැකියා අවස්ථා හිමිවුවද, 2011 වර්ෂවලදී එම විභාගයෙන් සමත් වූ සිසුන් 2,500කට ආසන්න පිරිසකට මෙතෙක් කොරියානු රැකියා අවස්ථා නොලැබීම හේතුවෙන් ඔවුහු මහත් අසීරුතාවකට පත්ව සිටිති.
එක්සත් ජනතා නිදහස් සන්ධානය සමග එක්වී සිටින ප්‍රධාන දේශපාලන පක්ෂ ගණනාවක් ඌව පළාත් සභා මැතිවරණයේදී වෙන් වෙන්ව තරග කිරීම පිළිබඳ අවධානය යොමු කර ඇතැයි එම පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.
ලංකාවේ මැක් ඩොනල්ඩ් ඩ්‍රයිවූ ත්රූ පාරිභෝගිකයන්ගේ මුදල් ගසා කන මාෆියාවක් ක්‍රියාත්මක වේ. ඒ මැක් ඩොනල්ඩ් මීල් එකක් ඇනවුම් කළ විට පාරිභෝගිකයන්ට නොදන්වාම සාමාන්‍ය (රේගියුලර්) මීල් එකක් වෙනුවට මිල වැඩි විශාල (ලාර්ජ්) මීල් එකක් ලබා දීම මගින් වැඩි මුදලක් මැක් ඩොනල්ඩ් ඩ්‍රයිවූ ත්රූ පාරිභෝගිකයන්ගෙන් අය කර ගැනීම හරහාය.
ඌව පළාත් හිටපු මහ ඇමති ශෂීන්ද්‍ර රාජපක්‍ෂ මහතා ශ‍්‍රී ලංකාවේ මීළඟ ජනාධිපතිවරයා වන්නේ යයි ඒ මහතා වෙනුවෙන් සංවිධානය කර තිබූ මැතිවරණ ප‍්‍රචාරක රැළියකදී අදහස් පල විය.
ඉදිරි කාලයේදී වැටලීම්වලින් අල්ලා ගනු ලබන මත් කුඩු මාධ්‍ය ඉදිරියේ විනාශ කිරීමට තීරණය කර ඇතැයි ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් ප්‍රකාශ කළේය.
රංග කලා යෝගි අභ්‍යාසයෙහි යෙදී සිටි කැලණිය විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යාවක ඊයේ (25 ) හදිසියේ ඇදවැටී මියගොස් තිබේ.

