කන්නෙලිය රක්ෂිත වනාන්තරය ආහ්‍රීතව පර්යේෂණයන්හි නිරතව සිටින පරිසරවේදී  විශාන් පුෂ්පමාල් මහතා විසින් සිය පර්යේෂණ සදහා අල්ලාගනු ලැබූ පොලොං මවක පැටවුන් 21 දෙනෙකු බිහිකර  තිබේ.  මෙම පැටවු 21 දෙනා බිහි කර ඇත්තේ පසුගිය 29 වැනිදාය.

බෙල්ලන්විල පෙරහරේදී කුලප්පු වු  හේමන්ත අලියාට අද අලුයම 2.15 ට නිර්වින්දන බෙහෙත වීදීමෙන් පැය දොළහ‘මාරකට පසු  අද දහවල් 2.45 ට නැඟිට ගිය බව පෙරහර සංවිධායකයෝ කියති.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බෙන්තර ඇල්පිටිය නියෝජිත සමුළුව ඇල්පිටිය රූපා කරුණාතිලක රංග ශාලාවේදී සෙනසුරාදා  පැවැත්වෙද්දී දැරියක(13) ද සමඟ ගැමියෙක් වේදිකාව ඉදිරියට පැමිණියේය.

ජනතා විමුක්ති පෙරමුණේ මැතිවරණ මෙහෙයුම් කාර්යාල පහකට හා එක්සත් ජාතික පක්ෂයේ මැතිවරණ මෙහෙයුම් කාර්යාල හතරකට පසුගිය 29 හා 30 යන දෙදිනේදී ප්‍රහාර එල්ලකර තිබෙන බවත් ඉන් කාර්යාල තුනක්  සම්පූර්ණ ලෙසම විනාශ වී තිබෙන බවත් කැෆේ සංවිධානය කියයි.

වැල්ලවාය, ඇතිලිවැව ප‍්‍රදේශයේ පිහිටි එක්සත් ජනතා නිදහස් සන්‍ධානයේ පක්‍ෂ කාර්යාලයකට අසුචී ප‍්‍රහාරයක් එල්ල වී ඇත.

  ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර කාම චිත්‍රපට කර්මාන්තය බිද වැටෙයි. විදෙස් වාර්තා සදහන් කර ඇත්තේ පසුගිය බ්‍රහස්පතින්දා සිට ලොස් ඇන්ජලීස් නුවර කාම චිත්‍රපට නිපදවීම සම්පුර්ණයෙන් අත්හිටුවා ඇති බවයි.

කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවට එවූ පාර්සල් තුනක තිබූ භාණ්ඩ මාරු කර ඒවා සොරකම් කිරීමේ සිද්ධියකට සම්බන්ධ තැපැල් ස්ථානාධිපතිවරයෙකු හා පාර්සල් අංශයේ ස්ථානාධිපතිවරයෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මීගලෑවේදී දරුවෙකු පැහැරගැනීමේ සිද්ධිය සැලසුම්කළ බව කියන පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරු අඹන්පොල ප්‍රදේශයේ පදිංචි කරුවෙකි.

ld add copy

Latest News

දන්සල් සඳහා නීති රැසක්

දන්සල් සඳහා නීති රැසක්

වෙසක් පොහොය ඇතුළු ප්‍රධාන පොහොය දිනයන්හිදී පවත්වන දන්සල් සඳහා අරමුදල් හෝ ආධාර රැස් කරන්නේ නම් එය අදා...

Connet With Us