රටේ අධ්‍යාපනයේ ඇති තරගකාරීත්වය හේතුවෙන් තරුණ තරුණියන් පොතපතටම සීමාවීම තුළ හා බාහිර සමාජ ක්‍රියාකාරකම් සඳහා නොයෙදීම තුළ දියුණු වූ හා දියුණු වන රටවල් දෙස බැලීමේදී අපේ රටේ හොඳ නායකයන් බිහිවීමේ ඌනතාවක් ඇති බව ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

මෙරට ජ්‍යෙෂ්ඨතම වෘත්තීය සමිති නායකයෙකු මෙන්ම ලංකා වෙළඳ, කාර්මික හා පොදු කම්කරු සංගමයේ නායක බාලා තම්පෝ මහතා අද පස්වරුවේ අභාවප්‍රාප්ත වී ඇත.

රජය සමඟ එක්වීමේ අරමුණින් තමන් පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්ෂ සමඟ සාකච්ඡා කර ඇති බවට හැකි නම් ඔප්පු කර පෙන්වන ලෙස එක්සත් ජාතික පක්ෂයේ ඌව පළාත් සභා මහඇමති ධුර අපේක්ෂක හරීන් ප‍්‍රනාන්දු පවසයි.

මිය ගිය පුද්ගලයින්ගේ නම් වලට හිමි දුරකතන සිම්පත් භාවිත කරමින් අසභ්‍ය පණිවුඩ යැවීම හා කාන්තාවන් හා අශ්ලීල කතා බහෙහි යෙදුන තැනැත්තෙක් අද රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණි. ඒ මහව මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝගයකට අනුවය.

මෙරට කලා ක්‍ෂෙත‍්‍රයේ නොමැකෙන නමක් රැන්දු ප‍්‍රවීණ කලාකරු බන්දුල විතානගේ මහතා අද දහවල් කොළඹ ජාතික රෝහලේදී අභාවප‍්‍රාප්ත විය.

මියන්මාර ප‍්‍රජාතන්ත‍්‍රවාදී නැෂනල් ලීගයේ නායිකා අවුන්සාන් සුකී සහ මෙරට හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය අතර හමුවක් එරටදී සිදුව තිබේ.

එප්පාවල එළියදිවුල්වැව මහජන ක‍්‍රීඩාංගණයේ පැවති සංගීත සංදර්ශනයට දෙරණ සුපිරි තරුව එම්.ජී ධනුෂ්ක සහභාගි වීමට නියමිත වූනි. නමුත් ඒ සදහා එම්.ජී ධනුෂ්ක නොපැමිණීමෙන් කෝපයට පත් සංගීත රසිකයින් එප්පාවල එළියදිවුල්වැව මහජන ක‍්‍රීඩාංගණයේ සංගීත සංදර්ශනයේ වේදිකාවට බෝතල්,ගල්,යකඩ බට හා පුටු වලින් පහරදී රුපියල් ලක්ෂ 10ක පමණ අලාභයක් සිදුකර තිබේ.

යාල ජාතික වනෝද්‍යානය අද (01)දා සිට මාසයක කාලයක්‌ දෙස්‌ විදෙස්‌ සංචාරකයන් සඳහා වසා තැබෙන බව වනජීවි සංරක්‌ෂණ අධ්‍යක්‍ෂ ජනරාල් එච්. ඩී. රත්නායක මහතා සඳහන් කළේය.

ld add copy

Latest News

දන්සල් සඳහා නීති රැසක්

දන්සල් සඳහා නීති රැසක්

වෙසක් පොහොය ඇතුළු ප්‍රධාන පොහොය දිනයන්හිදී පවත්වන දන්සල් සඳහා අරමුදල් හෝ ආධාර රැස් කරන්නේ නම් එය අදා...

Connet With Us