ජනාධිපතිවරණයට දින නියම කළ දිනයේ සිට මේ දක්වා විවිධ සමීක්ෂණ ආයතන මගින් විවිධාකාර වූ සමීක්ෂණ සහ මත විමසුම් නිකුත් කළ අතර ඒවායේ විවිධාකාර ප්‍රතිඵල දැකිය හැකි විය. කෙසේ වෙතත් වෙනත් කිසිදු ජනාධිපතිවරණය නොතිබූ තුන්කොන් සටනක් මෙවර ජනාධිපතිවරණයේදී ඇතිවී තිබීම හේතුකොට ගෙන මේ විවිධාකාර සමීක්ෂණ වාර්තා සිදුකරන ආයතන වලටද නිශ්චිත නිගමනවලට එළැඹීම අසීරු විය.

ජනාධිපතිවරණයට අදාළ නිහඬ කාල සීමාවේ සමාජ මාධ්‍ය ක්‍රියාකාරීත්වය පිළිබඳ සොයා බැලීමට මැතිවරණ කොමිෂන් සභාවෙන් විශේෂ කණ්ඩායමක් යොදා ඇති බව නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් පියුමි ආටිගල පැවසීය. 

වෙනත් යල කන්නවල දී මෙන් නොව, 2024 මෙවර යල කන්නයේ දී වාර්තාගත වී අස්වැන්නක් ලැබී ඇති බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසයි.

සැප්තැම්බර් 20 වන සිකුරාදා දින දිවයිනේ සියලුම පාසල්වලට නිවාඩු දිනයක් බව අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනය කරනවා.

අර්බුදය පැමිණි අවස්ථාවේ පළාගිය සජිත් ප්‍රේමදාසට හෝ අනුර කුමාර දිසානායකට මෙවර අවස්ථාවක් ලබාදෙමින් ඔබේ ජීවිතේ අවදානමකට ලක් කර නොගන්නැයි ස්වාධීන ජනාධිපති ධුර අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතා ජනතාවගෙන් ඉල්ලා සිටී.

සති දෙකක් තුළ රට නිල වශයෙන් බංකොලොත්භාවයෙන් මිදෙන බව ස්වාධීන ජනාධිපති ධුර අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතා අනාවරණ කරයි.

මෙවර ජනාධිපතිවරණයට අදාළව මැතිවරණ රාජකාරී කටයුතු සඳහා බස් රථ 1,358ක් ලබාදීමට නියමිත බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය පවසයි.

මෙරට 09 වන විධායක ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීම සඳහා පවත්වනු ලබන ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අනිද්දා පැවැත්වීමට නියමිතව තිබේ.

ld add copy

Latest News

Connet With Us