වීදි සුනඛයන් ලක්ෂ 30කින් එන්නත්කරණයට ලක්වනුයේ 54% ක් බව හෙළිවෙයි

Published in පුවත්
Tuesday, 02 June 2026 11:58

මෙරට ගෘහාශ්‍රිත සහ වීදි සුනඛයන් ලක්ෂ තිහක් පමණ සිටින නමුත් ඒ අතරින් එන්නත්කරණයට ලක්වනුයේ සියයට පනස් හතරක් වැනි සතුන් ප්‍රමාණයක් පමණක් බව ජලභීතිකා මර්දන ව්‍යාපාරයේ අධ්‍යක්ෂ වෛද්‍ය ආචාර්ය නිරෝෂන් ගමගේ පවසයි.

හෙතෙම මේ බව පවසා සිටියේ පසුගියදා (22 වැනිදා) සබරගමු පළාත් ආණ්ඩුකාර චම්පා ජානකී රාජරත්නගේ ප්‍රධානත්වයෙන් සබරගමුව පළාත් ආණ්ඩුකාර කාර්යාල ශ්‍රවණාගාරයේදී පැවැති රත්නපුර දිස්ත්‍රික්කයේ ජලභීතිකා රෝගය අවම කිරීම සඳහා වූ සමාරම්භක රැස්වීමට එක් වෙමිනි.

මෙහිදී හෙතෙම පැවැසූයේ පසුගිය වසරේදී පමණක් ජලභීතිකාව හේතුවෙන් පුද්ගල මරණ දාහතරක් වාර්තා වී ඇති බවයි.

මෙරට ජලභීතිකා රෝගය බෝවීම සඳහා සියයට අනූ අටක්ම හේතුවී ඇත්තේ සුනඛයන් වන අතර සුනඛයන් වෙනුවෙන් රුපියල් බිලියන පහකට අධික මුදලක් වාර්ෂිකව රජය මගින් වැයකරයි.

මේ වන විටත් රත්නපුර කුරුණෑගල, යාපනය, කොළඹ දිස්ත්‍රික්කය ජලභීතිකා රෝගය අධි අවදානම් දිස්ත්‍රික්කයක් ලෙස හඳුනාගෙන තිබේ.

ජලභීතිකා රෝගය බෝවීම ප්‍රධානම හේතුව සුනඛයන් වන අතර බළලා, ගවයා, ලේනා වැනි සෙසු ක්ෂීරපායී සතුන් හේතුවෙන් ජල භීතිකාව ඇති වීමේ ප්‍රවණතාවය සියයට දෙකක් වේ.

මෙරට සෑම මිනිසුන් අට දෙනකුටම සුනඛයෙක් සිටින බව පැවැසූ ඒ මහතා කියා සිටියේ ජලභීතිකාව ගෘහාශ්‍රිත සුනඛයන් නිසා සිදුවීම ඉහළ බවයි.

සතුන් සපා කෑම හේතුවෙන් මිනිසුන් එන්නත් කිරීමට රුපියල් මිලියන 4000ක් වැය වන අතර එක් සුනඛයකු එන්නත් කිරීම සඳහා රුපියල් 3500 ක මුදලක් වැය වේ.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us