මේ වන විට ගිංගඟේ බද්දේගම ජල මාපකයේ අගය මීටර් 5.4ක් ලෙස සටහන්ව තිබේ.

ලාෆ්ස් ගෑස් සමාගම ද අද (04) සිය මිල ගණන් සංශෝධනය කර තිබේ.

රේඛීය අමාත්‍යාංශ මඟින් ක්‍රියාත්මක කරනු ලබන මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘතීන්හි 2024 පළමු කාර්තුව අවසන් වන විට මූල්‍ය හා භෞතික ප්‍රගතිය පිළිබඳව අදාළ අමාත්‍යාංශ විසින් ඉදිරිපත් කරන ලද කාර්යසාධන දත්ත හා තොරතුරු සමාලෝචනය කර ව්‍යාපෘති කළමනාකරණ හා අධීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘතී පිළිබඳ කාර්යසාධන වාර්තාව ඉදිරිපත් කරනු ලැබ තිබේ.

ජාත්‍යන්තර යහපරිචයන් ද සැලකිල්ලට ගනිමින්, විෂය ප්‍රවීණයන්ගේ සහයෝගය ඇතිව සිදු කරනු ලැබ ඇත සමාලෝචනයකින් පසු සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායයන් වඩාත් ඵලදායී අයුරින් මෙහෙයවීමේ සහ සංවර්ධනය සඳහා ඒකාබද්ධ නියෝජිතායතනයක් පිහිටුවීමේ අවශ්‍යතාව හඳුනාගනු ලැබ ඇත.

කොළඹ කොටුව හා බදුල්ල අතර දුම්රිය ධාවනය අද (04) සිට යථාතත්වයට පත්ව ඇතැයි දුම්රිය පාලක මැදිරිය විසින් පවසා තිබේ.

මේ වන විට ශ්‍රී ලංකා රජය විසින් ගෙවීමට ඇති දෙස් විදෙස් සමස්ත ණය ප්‍රමාණය එක්සත් ජනපද ඩොලර් බිලියන 100 සීමාව ඉක්මවා ගොස් ඇති බව වාර්තාවේ.

වතු කම්කරුවෙකුගේ දෛනික වැටුප රු 1700 දක්වා වැඩි කරන ලෙසට රජය මගින් නිකුත් කල ගැසට් පත්‍රය බල රහිත කරන ලෙස වතු සමාගම් විසින් අභියාචනාධිකරණයෙන් ඉල්ලා තිබු අතුරු තහනම් නියෝගය අභියාචනාධිකරණය විසින් ප්‍රතික්ෂේප කිරිමට සතුට පල කරමින් වතු කම්කරුවන් පිරිසක් එක්ව (04) දින කිරිබත් අනුභව කරමින් රතිඤ්ඤා දල්වා සතුට පල කරමින් දෛනික වැඩ කටයුතු කල වාර්තා කරනු ලැබුහ.

ත්‍රස්තවාදී සහ අන්තවාදී ක්‍රියාවලට සම්බන්ධ සංවිධාන 15ක සහ පුද්ගලයින් 210කගේ සියලු අරමුදල් සහ වත්කම් අත්හිටුවීමට රජය පියවර ගෙන තිබේ.

ld add copy

Latest News

හෙටින් ආරම්භ වන අපොස උසස් පෙළ විභාගයට සියලු කටයුතු සූදානම්

හෙටින් ආරම්භ වන අපොස උසස් පෙළ විභාගයට සියලු කටයුතු සූදානම්

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සඳහා සියලු කටයුතු සූදානම් කර ඇති බව විභාග දෙපාර්තමේන්ත...

Connet With Us