අද (04) සිට තද වැසි තත්ත්වයේ අඩුවීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඉදිරි දින කිහිපය තුළ පවතින අධික වර්ෂාපතනය ක්‍රම ක්‍රමයෙන් අඩු වී යනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක පැවසීය. 

අයහපත් කාලගුණික තත්ත්වය සමග කලටුවාව ජාල පවිත්‍රාගාරයේ සිට ක්‍රියාත්මක වන ප්‍රධාන ජල නල සැපයුම් මාර්ගයක කොටසක් ගැලවී ගොස් ඇති බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කරයි.

විනෝද වීම සඳහා හොරණ වගවත්ත ප්‍රදේශයේ හෝටලයකට පැමිණ සිටි විවිධ වයස් සීමාවල පුද්ගලයන් 85 කට ආසන්න පිරිසක්  මාවක් ඔය පිටාර ගැලීම හේතුවෙන් එම හෝටලය තුළ සිරවීමෙන් නොසිතූ අකරතැබ්බකට මුහුණ දුන්හ.

තමන් කිසිදු ප්‍රජාතන්ත්‍ර විරෝධී ප්‍රකාශයක් නොකළ බවත්, තමන් කළ ප්‍රකාශය ආණ්ඩුක්‍රම ව්‍යවස්තාවේත් සඳහන් වී ඇති බවත්, එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් පාලිත රංගෙ බණ්ඩාර පැවසීය.

සිමෙන්ති කිලෝග්‍රෑම් 50 බෑගයක මිල රුපියල් 150 කින් අඩු කළ බව සිමෙන්ති සමාගම් පැවසීය.

පවතින්න අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ සිදුවිය හැකි ආපදා තත්ත්වයන් සඳහා එළිකොප්ටර් යානා තුනක් සූදානම් කර ඇති බව ගුවන් හමුදාව පවසයි

අයි එම් එෆ් මීළඟ වාරිකය පිළිබඳ මූලික සාකච්ඡා ලබන සතියේ ආරම්භ වනු ඇති බවට ආරංචිමාර්ග විසින් පවසා සිටියි.

ld add copy

Latest News

හෙටින් ආරම්භ වන අපොස උසස් පෙළ විභාගයට සියලු කටයුතු සූදානම්

හෙටින් ආරම්භ වන අපොස උසස් පෙළ විභාගයට සියලු කටයුතු සූදානම්

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සඳහා සියලු කටයුතු සූදානම් කර ඇති බව විභාග දෙපාර්තමේන්ත...

Connet With Us