දිවයිනට බලපා තිබෙන අයහපත් කාලගුණය හේතුවෙන් දිස්ත්‍රික්ක 12කට අයත් පවුල් 2,609ක පුද්ගලයන් 10,553ක් මේ වන විට පීඩාවට පත්ව සිටින බව ආපදා කලමණාකරන මධ්‍යස්ථානය පවසයි.

කොළඹ 01 සිට 15 දක්වා සහ ප්‍රධාන නගර කිහිපයකට අද (23) දින පැය 10ක ජල කප්පාදුවක් සිදුකරන බව ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය පවසයි.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

අධ්‍යාපන අමාත්‍යාංශයේ සුභසාධ වැඩසටහන යටතේ තෝරාගත් පාසල් සිසුන්, පිරිවෙන්වල ගිහි පැවිදි සිසුන්ට සහ සීලමාතාවන් සඳහා 2026 වසරට පාවහන් මිලදීගැනීම සඳහා වවුචර්පත් ලබාදීමට කැබිනට් අනුමැතිය හිමිව ඇත.

ලොකු ළූණු සහ අර්තාපල් සඳහා විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද වැඩි කිරීමටත් , තීරුබදු ප්‍රතිපත්තිය, කෘෂිකාර්මික ඵලදායීතාව සහ සුරාබදු බදු එකතු කිරීම දැඩි කිරීමටත් රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමැතිය ලැබි තිබේ.

සත්‍යයෙන් තොර, තහවුරු නොකරන ලද තොරතුරු සංස්කරණය කරන ලද හෝ නොකරන ලද ඡායාරූප හෝ වීඩියෝ දර්ශන ප්‍රචාරය කිරීමේදී මාධ්‍ය ප්‍රධානීන් සහ පුද්ගලයින් වගකීම් දරනු ඇති අතර එවන් අවස්ථාවලදී අගතියට පත් පාර්ශ්වයන් විසින් ගරු අධිකරණය තුලදී ප්‍රශ්ණ ගත ලෙස විමසීමකදී එම ආයතන හා පුද්ගලයින් වගකීමකට යටත් වන බව ශ්‍රී ලංකා පොලිසිය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

update:

වෙඩි ප්‍රහාරයකට ලක්ව බරපතළ තුවාල ලබා සිටි වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති, ලසන්ත වික්‍රමසේකර හෙවත් 'මිදිගම ලසා' ජීවිතක්ෂයට පත්ව තිබේ.

අද (22) උදෑසන ප්‍රාදේශීය සභාවේ සභාපති පුටුව මත දී යතුරුපැදියකින් පැමිණි නාඳුනන වෙඩික්කරුවන් දෙදෙනෙකුගේ වෙඩිතැබීම හමුවේ සභාපතිවරයා බරපතළ තුවාල ලැබීය.

පසුව ප්‍රාදේශීය සභා නිලධාරීන් එක්ව සභාපතිවරයාව ‍මාතර මහ රෝහලට ඇතුළත් කිරීමට පියවර ගත්තේය.

සභාපතිවරයා හමුවට ලිපියක් අත්සන් කර ගැනීමට පැමිණි දෙදෙනෙකු ලෙස මෙම වෙඩික්කරුවන් ප්‍රාදේශීය සභාව තුළට පැමිණ ඇතැයි අනාවරණය වුණි.

වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ලසන්ත වික්‍රමසේකර හෙවත් මිදිගම ලසා නැමැත්තාට වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබේ.

දෑත් සනීපාරක්ෂක (Hand Sanitizers) ඇතුළු ජීවනාශක නිෂ්පාදනවල (Biocidal Products) ක්‍රියාකාරී අමුද්‍රව්‍යයක් වශයෙන් එතනෝල් භාවිතය තහනම් කිරීම සම්බන්ධයෙන් යුරෝපා සංගමය (EU) සලකා බලමින් සිටින බව විදෙස් වාර්තා දක්වයි.

ld add copy

Connet With Us