update:

වෙඩි ප්‍රහාරයකට ලක්ව බරපතළ තුවාල ලබා සිටි වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති, ලසන්ත වික්‍රමසේකර හෙවත් 'මිදිගම ලසා' ජීවිතක්ෂයට පත්ව තිබේ.

අද (22) උදෑසන ප්‍රාදේශීය සභාවේ සභාපති පුටුව මත දී යතුරුපැදියකින් පැමිණි නාඳුනන වෙඩික්කරුවන් දෙදෙනෙකුගේ වෙඩිතැබීම හමුවේ සභාපතිවරයා බරපතළ තුවාල ලැබීය.

පසුව ප්‍රාදේශීය සභා නිලධාරීන් එක්ව සභාපතිවරයාව ‍මාතර මහ රෝහලට ඇතුළත් කිරීමට පියවර ගත්තේය.

සභාපතිවරයා හමුවට ලිපියක් අත්සන් කර ගැනීමට පැමිණි දෙදෙනෙකු ලෙස මෙම වෙඩික්කරුවන් ප්‍රාදේශීය සභාව තුළට පැමිණ ඇතැයි අනාවරණය වුණි.

වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ලසන්ත වික්‍රමසේකර හෙවත් මිදිගම ලසා නැමැත්තාට වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබේ.

දෑත් සනීපාරක්ෂක (Hand Sanitizers) ඇතුළු ජීවනාශක නිෂ්පාදනවල (Biocidal Products) ක්‍රියාකාරී අමුද්‍රව්‍යයක් වශයෙන් එතනෝල් භාවිතය තහනම් කිරීම සම්බන්ධයෙන් යුරෝපා සංගමය (EU) සලකා බලමින් සිටින බව විදෙස් වාර්තා දක්වයි.

ආයුර්වේද සම්බාහන ප්‍රතිකර්ම මධ්‍යස්ථාන නීතිගත කිරීමේ පනත් කෙටුම්පත කඩිනමින් සකස් කිරීමට පියවර ගන්නා ලෙස නීතිපතිවරයා වෙත නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ලංකා සම්බාහන අයිතිකරුවන්ගේ සංගමය විසින් අභියාචනාධිකරණය රිට් පෙත්සමක් ගොනුකර තිබේ.

ආනයනික සහල් සඳහා උපරිම සිල්ලර මිලක් නියම කිරීම පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරය පියවර ගෙන තිබේ.

අද වහින පළාත්

Published in පුවත්
Wednesday, 22 October 2025 07:26

ශ්‍රී ලංකාවේ උතුරු වෙරළ ආසන්නයේ පවතින අඩු පීඩන කලාපය තවදුරටත් වර්ධනය වෙමින් බටහිරට බරව වයඹ දෙසට ගමන් කරනු ඇතැයි අපේක්ෂා කරන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

උපරිම ඖෂධ මිලක් නියම කිරීම හරහා අඩු මිලට ඖෂධ සැපයීමට නව පනත් සංශෝධනය මගින් බලාපොරොත්තු වෙන බව කෝප් කමිටු සභාපති වෛද්‍ය නිශාන්ත සමරවීර පාර්ලිමේන්තුවේදී අද පැවසීය.

 ස්ත්‍රී දූෂණ සිද්ධීන් 06 ක් ඊයේ (20) දිනයේ දී පමණක් වාර්තා වී ඇති බව පොලීසිය පවසයි.

හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ට වහාම ක්‍රියාත්මක වන පරිදි නව තනතුරක් ප්‍රදානය කිරීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර තිබේ.

ld add copy

Latest News

ජාතික විදුලි විරුවන්ට LTL වෙතින් ප්‍රණාම

ජාතික විදුලි විරුවන්ට LTL වෙතින් ප්‍රණාම

දිට්වා සුළි කුණාටුව සහ ගංවතුර තත්වය යටතේ මෙරට විදු බල පද්ධතියට විශාල හානියක් අත් පත් වූවත් ඉතා කඩිනම...

Connet With Us