අදත් වැසි

Published in පුවත්
Friday, 24 April 2026 07:50

දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (24) පස්වරු 1.00න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

මෙරට වසර කිහිපයක් තුරන්කර තිබූ සරම්ප රෝගය යළි හිස ඔසවා තිබෙන බව වෛද්‍ය අංශ පවසයි.

එළඹෙන වෙසක් සහ පොසොන් පොහොය වෙනුවෙන් දිවයින පුරා පවත්වනු ලබන දන්සැල්වල ආහාර සුරක්ෂිතතාව සම්බන්ධයෙන් මාර්ගෝපදේශ මාලාවක් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශය විසින් නිකුත් කර තිබේ.

අමෙරිකානු ඩොලර් ලක්ෂ 25ක් හැකර් ප්‍රහාරයකට ලක්ව අහිමිවීම රටේ මූල්‍ය සුරක්ෂිතභාවය පිළිබඳ බරපතල ගැටලු මතු කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

මහා භාණ්ඩාගාරය විසින් විදේශ ණයක් පියවීම සඳහා ගෙවන ලද අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් වෙනත් පාර්ශවයක් අතට පත්වීම හරහා සිදු වූ වංචාවට මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා මෙන්ම ජනාධිපතිවරයා ද වගකිව යුතු බව ෆ්‍රී ලෝයර්ස් සංවිධානයේ සභාපති ජනාධිපති නීතීඥ මෛත්‍රී ගුණරත්න මහතා පවසයි.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් කුරුණෑගල සහ රත්නපුර යන දිස්ත්‍රික්යන්වල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයක් සඳහා නායයෑම් පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබේ.

මේ වසරේ පළමු කාර්තුව තුලදී විගමනික ශ්‍රමිකයන් විසින් මෙරටට එවූ ප්‍රේෂණ ප්‍රමාණය පසුගිය වසරේ පළමු කාර්තුවට සාපේක්ෂව 26.5% කින් ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුත්ති කාර්යාංශය පවසනවා.

නව රථ වාහන සඳහා සම්මත ලියාපදිංචි අංක තහඩු නිකුත් කිරීම මෙම වසරේ මැයි මාසයේ අග සිට සිදුකළ හැකි බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසයි.

ld add copy

Latest News

Connet With Us