එළැඹෙන 2026 වසරේදී සංචාරය සඳහා ලොව හොඳම ගමනාන්ත 25 අතරට ශ්‍රී ලංකාවේ යාපනය ද එක්ව තිබේ.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වල වැසි වාර කිහිපයක් ඇති වේ.
වැලිගම ප්‍රා.දේ .ස සභාපති ඝාතනයේ සැකකරුවන් අද අධිකරණයට
වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකරට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ වෙඩික්කරු බව කියන සැකකරු ඇතුළු සැකකරුවන් 06 දෙනකු කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය වෙත අද (28 වැනිදා) ඉදිරිපත් කිරීමට නියමිතය.
අත්අඩංගුවටගත් සැකකරුවන්ගේ දර්ශන මාධ්‍ය වෙත මුදාහැරිම වහා නවතනු ! වෙබ් මාධ්‍යවේදීන්ගේ සංගමය
අත්අඩංගුවට ගැනීම් සහ අපරාධ පරීක්ෂණ සිදු කළ යුත්තේ නීතියෙන් ස්ථාපිත කර ඇති නිශ්චිත ක්‍රියා පටිපාටියට අනුකූලව පමණක් බව වෘත්තීය වෙබ් මාධ්‍යවේදීන්ගේ සංගමය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
විදෙස් ගත ශ්‍රී ලාංකිකයින්ට ඡන්ද අයිතිය ලබා දීමට ආණ්ඩුව සුදානමින්
විදෙස් ගත ශ්‍රී ලාංකිකයින්ට ඡන්ද අයිතිය ලබා දීමට ඉදිරියේදී කටයුතු කරන බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි.
ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ වර්ෂ අවසන් මංගල්‍ය වන ඉල් මංගල්‍ය ලබන දෙසැම්බර් 04 වැනි දින පැවැත්වෙන බව කතරගම දේවාලයේ වැඩබලන බස්නායක නිලමේ තිළිණ මධුසංඛ මහතා සඳහන් කළේය.
හෙද නිල ඇඳුමට ජාතීන් අනුව බෙදීම් එපා ! රා.සේ.එ හෙද සංගමය විරෝධය පළ කරයි
රජයේ රෝහල්වල සේවය කරන, මුස්ලිම් ජාතික හෙද නිලධාරිනියන්ට සිය නිල ඇඳුම වෙනුවට තමන්ට හුරු සංස්කෘතික ඇඳුම ඇඳ සේවය කිරීමට රජය ලබාදී ඇති අවසරයට රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය විරෝධය පළ කර තිබේ.
පාසල් ගුරු සංවර්ධන නිළධාරින්ගේ සංගමය අද සිට වැඩවර්ජනයක
ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් අද සිට වෘත්තීයසමිති ක්‍රියාමාර්ගයකට එළැඹීමට පාසල් ගුරු සංවර්ධන නිළධාරින්ගේ සංගමය තීරණය කර තිබේ.

