පවතින අයහපත් කාලගුණික තත්ත්වය සැලකිල්ලට ගෙන හැටන් අධ්‍යාපන කලාපයේ පාසල්වලට හෙට (15) විශේෂ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කර තිබේ.

දිවයිනේ දිස්ත්‍රික්ක කිහිපයක බලපා ඇති ආපදා තත්ත්වය හේතුවෙන් එක් ආපදා මරණ දෙකක් වාර්තා වී ඇති බව ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පවසයි.

වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් පාලනය කරනු ලබන ප්‍රධාන ජලාශ 21ක් සහ මධ්‍ය පරිමාණ ජලාශ 19කට අධික ප්‍රමාණයක් මේ වනවිට වාන් දමමින් පවතින බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ශ්‍රී ලංකාවට ඊසාන දෙසින් පිහිටා ඇති අඩු පීඩන කලාපය තවදුරටත් පවතින අතර එම පද්ධතිය, ඉදිරි පැය 36 තුල ශ්‍රී ලංකාවෙන් ඉවතට ගමන් කරනු ඇතැයි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත් වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලත් ඇතැම් ස්ථානවල මි.මී. 150 ට වැඩි ඉතා තද වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

2024 වසරේ ශිෂ්‍යත්ව විභාගයට අදාළව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දුන් නියෝගයක් ක්‍රියාත්මක කිරීම පැහැදෑරීම තුළින් අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවලට වරදකරු කෙරුණු ජාතික අධ්‍යාපන ආයතනයේ හිටපු අධ්‍යක්ෂ අයි.ජී.එස්. ප්‍රේමතිලක මහතාට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් බරපතළ වැඩ සහිත වසර හයක සිර දඬුවම් නියම කර තිබේ.

පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ඇති විය හැකි ඕනෑම හදිසි අවස්ථාවකට ප්‍රතිචාර දැක්වීම සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටින බව එහි මාධ්‍ය ප්‍රකාශක, ගෘප් කැප්ටන් නලින් වැවකුඹුර මහතා පවසයි.

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතාට එරෙහිව ඉදිරිපත් කර තිබෙන චෝදනාවක් පවත්වාගෙන යාමට නොහැකි බවට විත්තිය විසින් ඉදිරිපත් කළ මූලික විරෝධතාවක් කොළඹ මහාධිකරණය අද (14) ප්‍රතික්ෂේප කළේය.

Page 5 of 1956

ld add copy

Connet With Us