රට පුරා දිස්ත්‍රික්ක 18ක අඩු ආදායම්ලාභී ජනතාව වෙනුවෙන් නොමිලේ සහල් ලබා දීම ආණ්ඩුවේ ව්‍යාපෘතිය තුල කිසිදු දේශපාලන අරමුණක් නොමැති බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසා තිබේ.

රනිල් පාලන බලයේ සිටින තුරු රටේ දෙකෝටි විසි ලක්ෂයක් වන ජනතාවගෙන් එක් අයෙකුටවත් බඩගින්නේ ඉන්නට ඉඩ තබන්නේ නැතැයි එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබෙිවර්ධන ගාල්ලේ දී පවසා තිබේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඊයේ (21) දින පස්වරුවේ මල්වතු, අස්ගිරි මහා නා හිමිවරුන් බැහැ දැක ආශිර්වාද ලබා ගත්තේය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ලැබී ඇති පැමිණිල්ලකට අනුව ජනාධිපතිවරයාගේ ආරක්ෂාවට ඇති තර්ජනයක් සම්බන්ධයෙන් සිදුකරනු ලබන පරීක්ෂණයකට අදාළව ප්‍රකාශයක් ලබා ගැනීම සදහා මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම හට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැදවීමක් ලැබී තිබේ.

ජාතික හැඳුනුම්පතක් ලබා ගැනීමට නොහැකි වූ වයස අවුරුදු 40 ඉක්මවා ඇති පුද්ගලයන් සඳහා හැඳුනුම්පත් නිකුත් කිරීමේ කාලය ලබන ජූනි 30 දක්වා දිර්ඝ කර තිබේ.

ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි අනිද්දා මෙරට සංචාරය කිරීමට නියමිත බව ඉරාන මාධ්‍ය වාර්තා කරයි.

ප්‍රවීණ ජ්‍යෝතීර්වේදී චන්ද්‍රසිරි බණ්ඩාර අද (22) උදෑසන අභාවප්‍රාප්ත වී තිබේ.

අප්‍රේල් 23 වනදා බක් පුරපසළොස්වක පොහෝය දිනය බැවින් එදිනට මත්පැන්හල් වසා තැබීමට තීරණය කර තිබෙන අතර මැයි මස 21 දින සිට 27වන දින දක්වා කාලය වෙසක් සතිය ලෙස ප්‍රකාශයට පත් කර ඇති බැවින්, මැයි මස 22, 23 සහ 24 යන තෙදින ද මත්පැන්හල් වසා තැබීමට නියමිත බව දැනුම් දෙයි.

-P.M

ld add copy

Connet With Us