ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා වලදී  සියලුම පාර්ශ්වයන් එකඟ වන තීරණවලට එළැඹීම වෙනුවෙන් රජය කැපවී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.

වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් අඛණ්ඩව ජලය සැපයීමට බාධා මතුව ඇතැයි  ජාතික ජල සම්පාදන හා ජලා පවාහන මණ්ඩලය පවසයි.

නිල් කටරොළු මල් ආශ්‍රිත නිෂ්පාදන සඳහා මේ වනවිට යුරෝපය ඇතුළු ජාත්‍යන්තර වෙළෙඳපොලෙහි ඉහළ ඉල්ලුමක් පවතී.

ශ්‍රී ලංකා රජය සතු රාජ්‍ය ව්‍යවසාය ආයතනයක් වන ලංකා කෝල් ලිමිටඩ් විසින් මෙරටට ගල් අඟුරු සැපයීමේ කොන්ත්‍රාත්තුවක් ජාත්‍යන්තරයේ සම්බාධක පනවා ඇති ගල් අඟුරු සපයන ඩුබායි හි පිහිටි සමාගමක් වන Black Sand Commodities FZ LLC වෙත පවරා දී ඇත. ජාත්‍යන්තරයේ සම්බාධක පනවා තිබියදීත් ඒ දැන දැනම මෙම කොන්ත්‍රාත්තුව පිරිණැමීම ඉතාමත් මෑත කාලය තුළ ශ්‍රී ලංකාව ජාත්‍යන්තර වශයෙන් අවදානමට ලක් කිරීමේ අපරාධයක් ලෙස සැලකිය හැකිය.

මෙම වසරේ පළමු මාස දෙක තුළ විදේශ සංචාරක පැමිණීම වැඩිවීමත් සමඟ ආදායම ඩොලර් මිලියන 687.5 ක් දක්වා ඉහළ යෑම සිදුව තිබේ.

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට නවතම විදුලි ත්‍රිරෝද රථ නිෂ්පාදනය කිරීමේ අංග සම්පූර්ණ කර්මාන්ත ශාලාවක් මරදාන දුම්රිය දෙපාර්තමේන්තු ගබඩා පරිශ්‍රයේ දී විවෘත කෙරිණි. එය ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

මෙම වසරේ පළමු මාස දෙක තුළ විදේශ ශ්‍රමිකයන්ගේ ප්‍රේෂණ ගලා ඒම ඩොලර් මිලියන 963.7 දක්වා 14.1% කින් ඉහළ ගොස් ඇති බව නවතම මහ බැංකු දත්ත අනාවරණය කරයි.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නියෝජිතයින් සහ මෙරට නියෝජිතයින් අතර එම අරමුදලේ යෝජනා පිළිබඳව සාකච්ඡාවක් අද (11) ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත් වේ.

ld add copy

Connet With Us