පුනරුත්ථාපන මධ්‍යස්ථානවල රැඳවියන් මින් ඉදිරියට කළහකාරී ලෙස කටයුතු කළහොත් ඔවුන් එම මධ්‍යස්ථානවලින් ඉවත් කර රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට පියවර ගන්නා බව අධිකරණ බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ පැවසීය.

රාමසාන් සමයේ දී මුස්ලිම් රාජ්‍ය සේවකයින් සඳහා ආගමික වතාවත්වල යෙදීමට හැකි වන පරිදි වැඩමුර සකස් කර දෙන ලෙස රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය රාජ්‍ය ආයතන වෙත දැනුම් දී තිබේ.

එළඹෙන ඔක්තෝබර් මාසයේ පළමු සතියේදී මෙරට ජනාධිපතිවරණය පැවැත්වෙනු ඇතැයි තමන් විශ්වාස කරන බව සංචාරක සහ ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු පවසයි.

වෛද්‍ය හිඟයට පිළියම් ලෙස තවත් වෛද්‍යවරුන් 1300 දෙනෙකු ලබන මාර්තු මාසයේදී රජයේ රෝහල් සඳහා අනුයුක්ත කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලට වෛද්‍ය නිර්දේශ මත නිවසෙන් ලබාදෙන ආහාර ගැනීමට අවසර ලබා දී තිබේ.

මෙතෙක් බලපත්‍රයට පමණක් සීමා වී තිබු මෙරට පවුල් ලක්ෂ 20 කට අධික ප්‍රමාණයකට සින්නක්කර ඉඩම් අයිතිය ලබාදෙන "උරුමය" වැඩසටහන අනාගත ආර්ථිකය වෙනුවෙන් කරන ඉතා වැදගත් ප්‍රජාතන්ත්‍රවාදී ආයෝජනයක් බව එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් නායක, හිටපු මුදල් අමාත්‍ය, රවී කරුණානායක පවසයි. එසේම ඉතිහාසයේ දරුණුතම ආර්ථික අර්බුදයට මුහුණපා මේ වන විට පියවරෙන් පියවර එම තත්ත්වයෙන් මිදෙමින් සිටින රටේ ආර්ථිකය යළි නංවාලීම සඳහා වන වැඩපිළිවෙලට ජනතාවගේ සහභාගිත්වය තහවුරු කෙරෙන පියවරක් ලෙසද උරුමය වැඩසටහන හඳුන්වා දියහැකි බව හිටපු අමාත්‍යවරයා පෙන්වා දෙයි.

විධායකය හා ව්‍යවස්ථා සභාව අතර, කිසිඳු ගැටුමක් ඇති නොවීමට වගබලා ගනිමින් රටේ දැවෙන ප්‍රශ්නවලට හේතු සපයා ඇති ආර්ථික දුෂ්කරතා අවම කරමින් ජනතාවගේ සුභසිද්ධිය සඳහා පෙරමුණ ගන්නා අතර, මහා පරිමාණ ඝාතන, මංකොල්ලකෑම්, මත්කුඩු ව්‍යාප්තිය හා රට පුරා ඉහවහා ගොස් ඇති දූෂණ හා අක්‍රමිකතාවයන් අතුගා දැමීමට එක්ව ක්‍රියාකිරීමට කටයුතු කරන ලෙස ඉල්ලමින් සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ  සභාපති කරූ ජයසූරිය මහතා නිවේදනයක් නිකුත් කර තිබේ.

දිවයින පුරා සිදුකළ මෙහෙයුම් වලදී මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධ සැකකරුවන් 589 ක් සහ අපරාධ අංශ වෙත යොමු කළ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 144 ක් සමගින් මුළු සැකකරුවන්  733 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

ld add copy

Connet With Us