යුරෝපය පුරා එළඹෙමින් පවතින ශීත ඍතුවත් සමග පෝලන්තයේ සිට ශ්‍රී ලංකාවට සංචාරකයන් ගේ පැමිණීම ආරම්භ කරමින් , ප්‍රථම මංගල ගුවන් යානය අද (03) උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ ඇත.

පසුගිය දිනවල පැවැති අධික වර්ෂාව හේතුවෙන් හැටන් -කොළඹ ඒ 07 ප්‍රධාන මාර්ගයේ කොටසක් හදිසියේම ගිලාබැසීමකට ලක්වී ඇති බව වාර්තාවේ.

පළාත් පාලන ආයතනවල ස්ථිර නොකළ සියලු සේවකයින් හැකි ඉක්මණින් රජයේ ස්ථිර සේවකයින් බවට පත්කරන බව රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර පවසයි.

දරුවන්ගේ ආරක්ෂාව හේතුවෙන් ජාතික බුද්ධි ඒකකය සමග ඒකාබද්ධව නව සමාජ බුද්ධි ඒකකයක් පිහිටුවා මේ වනවිට එහි කටයුතු ආරම්භ කර ඇති බව රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් පවසා ඇත.

නව පොලිස්පතිවරයෙකු පත් කිරීම පිළිබඳ මෙතෙක් තීරණයක් ගෙන නොමැති බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් පවසයි.

ශ්‍රී ලංකාවේ කිරි නිෂ්පාදන කර්මාන්තය ඉහළ නැංවීම සඳහා අවශ්‍ය තාක්ෂණික හා මුල්‍ය සහයෝගය ලබා දීමට ඇමරිකා එක්සත් ජනපදයේ සහයෝගිතා සංවිධානයක් වන International Executive Services Corps ( IESC) සහයෝගය පළ කර තිබෙනවා.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය දිවයින පුරා රජයේ රෝහල්වල පළාත් මට්ටමින් ආරම්භ කර ඇති වෘත්තීය ක්‍රියාමාර්ගය අද (03) උතුරු පළාතේ රෝහල්වල ක්‍රියාත්මක කෙරෙයි.

මෙරට ආර්ථිකය වෙනුවෙන් සුවිශේෂ දායකත්වයක් ලබාදුන් කඳුකර දමිළ ජනතාව වෙනස් ප්‍රජාවක් ලෙස නොසලකා එම ජනතාව සම්පූර්ණයෙන් ශ්‍රී ලංකා සමාජයට ඒකාබද්ධ කිරීමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ අවධාරණය කරයි.

ld add copy

Latest News

Connet With Us