පොදුජන එක්සත් පෙරමුණේ නායකත්ව මණ්ඩලයේ නායකත්වයට හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පත් කිරීමට තීරණය කර තිබේ.

ඉන්දියාවේ සංචාරයක නිරත ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක ඇතුළු පිරිස අද (07) ගුජරාට් ප්‍රාන්ත ප්‍රධාන අමාත්‍ය භූපේන්ද්‍රභායි පටෙල් හමුවීමට නියමිත වේ.

අඩු බර පාන් අලෙවි කළ හා නිෂ්පාදනය කළ වෙළෙඳුන් 100 කට අධික පිරිසකට මේ වනවිට නඩු පවරා ඇති බව පාරිභෝගික කටයුතු අධිකාරිය පවසයි.

9 වන පාර්ලිමේන්තුවේ 5 වැනි සභාවාරය අද (07) පෙරවරුවේ විවෘත කෙරේ. ඒ, ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙනි.

මේ වසරේදී ජනාධිපතිවරණය හා මහ මැතිවරණය පැවැත්වෙන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසයි.

පරිසර අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සිය ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති රනිල් වික්‍රමසිංහට යොමුකර තිබේ.

මාර්තු මස 21වන දින ජාතික නාවිකයින්ගේ දිනය ලෙස ප්‍රකාශයට පත් කර තිබේ.

ශ්‍රී ලංකා පොදුජන එක්සත් පෙරමුණේ මහ සම්මේලන රැස්වීමක් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් අද (06) පස්වරුවේ පැවැත්වීමට නියමිතව තිබේ.

ld add copy

Connet With Us