ගාසා තීරයේ සිරවී සිටින ශ්‍රී ලාංකිකයින්ට රෆා පිවිසුම හරහා ඊජිප්පතුවට ඇතුළුවීමට අවසර ලැබී ඇතැයි තානාපති කාර්යාලය මඟින් දැනුම් දෙයි.

මාර්ග අනතුරු සහ ඒ ආශ්‍රිත මරණ හා ආබාධිත තත්ත්වයට පත්වීම වැළැක්වීම සහ පාලනය සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ඉහළ පෙළේ කමිටුවක් ස්ථාපිත කිරීමට කඩිනමින් කටයුතු කරනු ඇති බව ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක පැවසීය.

මේ වන විට මෙම වසරේ මුල් මාස 10 තුළ මෙරටට සංචාරක පැමිණීම 1,125,000 ඉක්මවවා ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය නිවේදනයක සඳහන් වේ.

මහල් නිවාසවල පදිංචිව සිටි මුල් අයිතිකරුවන්ගේ දරුවන් වෙත සින්නක්කරව අයිතිය පැවරීමට ඇති හැකියාව සොයා බලන ලෙස නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග අමාත්‍යංශ නිළධාරීන්ට උපදෙස් දී ඇත.

ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර්ගේ මරණය අපරාධයක් බවට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය තීන්දු කර තිබේ.

අස්වැසුම වැඩසටහනෙන් තවත් වැඩි ප්‍රමාණයකට මූල්‍ය ප්‍රතිපාදන ලබාදෙන ගමනක් පිළිබඳව ඉදිරි මාසයේ දී ප්‍රකාශයට පත් කිරීමට හැකි අවස්ථාවකට පැමිණ තිබෙන බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පවසයි.

ඉදිරියේදී ආහාර හිඟයක් පිළිබඳ අනියත බියක් ඇති කරගත යුතු නැති බව පශු සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩී. බී. හේරත් පැවසීය.

හමාස් ඉලක්ක වෙත ඊයේ රාත්‍රියේදීත් ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල කළ බව ඊශ්‍රායලය නිවේදනය කර තිබේ.

ld add copy

Latest News

නවතම කාලගුණ අනාවැකිය

නවතම කාලගුණ අනාවැකිය

අද (20) දිනයේ බස්නාහිර, සබරගමුව, උතුරු සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්ක...

Connet With Us