2022 වසරේ සේවක අර්ථසාධක අරමුදලට ගෙවා ඇති පොළි ප්‍රතිශත සම්බන්ධව නැගූ ප්‍රශ්නයක් හේතුවෙන් පාර්ලිමේන්තුවේ උණුසුම් තත්ත්වයක් ඇති වුණා.

හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් රට බංකොළොත්භාවයට පත්වීමට හේතු සෙවීමට පත්කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවට අද(06) යළි කැඳවා තිබේ.

අධික වර්ෂාව සමඟ ඇති වූ ගංවතුර තත්ත්වය හේතුවෙන් පීඩාවට පත් මාතර දිස්ත්‍රික්කයේ ජනතාවගේ අවශ්‍යතා සොයා බලා ඔවුන්ට සහන සැලසීමට කඩිනම් පියවර ගන්නා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ නිලධාරීන්ට ඊයේ (05) උපදෙස් දුන්නේය.

අද (06) උදෑසන කොල්ලුපිටිය ලීබර්ටි වටරවුම අසලදී බස් රථයක් මතට ගසක් කඩා වැටීමෙන් සිදු වූ අනතුරින් ජීවිතක්ෂයට පත්වූවන්ගේ පවුල්වලට රුපියල් ලක්ෂ පහ බැගින් මූල්‍යාධාරයක් ලබාදීමට කටයුතු කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ උපදෙස් පරිදි ජනාධිපති ලේකම් සමන් ඒකනයක විසින් ප්‍රවාහන අමාත්‍යාංශයට සහ ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය වෙත දැනුම්දී තිබේ .

SLTC පර්යේෂණ විශ්වවිද්‍යාලය සිය ENTECH 2.0 ශිෂ්‍යත්ව ක්‍රමය යටතේ 2023 - 24 සඳහා වාර්තාගත ශිෂ්‍යත්ව 300 ක ප්‍රමාණයක් ප්‍රදානය කිරීමට කටයුතු යොදා ඇත.

විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණවල කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කරමින් මේ වසරේ මුල් මාස අටක කාලයේදී මෙරටට සිදු කර තිබෙන ප්‍රේෂණයන්හි වටිනාකම රුපියල් කෝටි 123,600ක් (අමෙරිකානු ඩොලර් මිලියන 3,863) දක්වා ඉහළ ගොස් තිබේ.

පාර්ලිමේන්තුව, වරාය නගරය අවට, ගංගාරාම ඇතුළු කොළඹ නගරයේ මරමස්ථාන හතක් ඉලක්ක කර ගනිමින් අයි.එස්. ත්‍රස්තයන් විසින් බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමේ සැලසුමක් සම්බන්ධයෙන් කරුණු අනාවරණය වී ඇතැයි කොළඹ ත්‍රස්ත විමර්ශන ඒකකය කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසිංහ වෙත ඊයේ (05) කරුණු වාර්තා කළේය.

අද අලුයම 6ට පමණ කොළඹ සිට දෙනියාය බලා ධාවනය වූ බස් රථයකට කොල්ලුපිටිය ලිබර්ටි වටරවුම ආසන්නයේ ඩුප්ලිකේෂන් මාර්ගයේදී බස් රථය මතට ගසක් කඩා වැටීමෙන් සිදුවූ අනතුරෙන් පුද්ගලයින් 05 දෙනෙකු මියගොස් ඇති අතර 17 දෙනෙකු රෝහල් ගත කර තිබෙනවා.

ld add copy

Connet With Us